රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇවිත් කළ දේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 26, 2017

රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇවිත් කළ දේ

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොපැමිණවීමට හේතු ඇත්නම් අධිකරණය හමුවට පැමිණ ප්‍රකාශ කරන ලෙස දැනුම් දෙමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක නොහොත් සද්ද විද්ද රාජපක්ෂ පළඟපතිර අම්බකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සු නමැත්තාට ශේ‍ර්ෂ්ඨාධිකරණය ඊයේ (25දා) දෙවැනි වරටත් නොතීසි නිකුත් කෙළේය.

ඔහුට එරෙහිව විභාග වන අධිකරණයට අපහාස සිදු කිරීමේ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ ඔහු වෙනුවෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේ මෙම නඩුව සම්බන්ධයෙන් වගඋත්තරකාර රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට නොතීසි භාරදී නොමැති බවත් එහෙත් ඔහු මාධ්‍ය මඟින් දැනුවත් වීම මත අධිකරණය හමුවට පැමිණ සිටින බවත්ය.

ඒ අනුව දෙවැනි වරටත් ඔහුට යළි නොතීසියක් යවන ලෙස ශේ්‍රෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිනි ජයසේකර මහත්මියට විනිසුරු මඬුල්ල නියම කළේය. නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායකට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිටිමින් කළුතර ශ්‍රී මුණසිංහ බෝධියේ විහාරාධිවාසී පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් විසින් ශේ්‍රෂ්ඨාධිකරණය හමුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයද එම කරුණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය යොමු කරවන ලද අතර සිද්ධිය හෙළා දකිමින් විශේෂ රැස්වීමක් පවත්වා රන්ජන් රාමනායකට සිය අප්‍රසාදය පළ කරමින් යෝජනාවක්ද සම්මත කරනු ලැබීය. නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ඉකුත් අගෝස්තු මස 21 වැනි දින අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඉන් පිටතට පැමිණ කරන ලද ප්‍රකාශයක් මුල්කර ගනිමින් මෙම චෝදනාව ඔහුට එල්ල කර ඇත.

එම ප්‍රකාශය වන්නේ,

'මම කියන්නේ නීතිඥයෝ බහුතරයක් තමයි ලංකාව විනාශ කළේ. ඒක තමයි තිත්ත ඇත්ත. මේ කළු කෝට්කාරයෝ බහුතරයක් කොරප්ටඩ්  දූෂිත විනිසුරුවරු හා දූෂිත ලෝයර්ස්ලා. ඔවුන් සල්ලිවලට වැඩ කරන්නේ' ආදී වශයෙන් වූ ප්‍රකාශයකි. මෙම පෙත්සම් විභාගය පැවැත්වුණේ බුවනෙක අලුවිහාරේ හා අනිල් ගුණරත්න හා ද්විපුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේය. පෙත්සම් විභාගය යළි නොවැම්බර් මස 21 වැනි දිනට පැවැත්වීමට නියම කළ ශේ‍ර්ෂ්ඨාධිකරණය වගඋත්තරකාර නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායකට එදින අධිකරණය හමුවට පැමිණ දඬුවම් නියම නොකර සිටීමට හේතු ඇතොත් ප්‍රකාශ කරන ලෙස නියම කළේය.

කමල් මහේන්ද්‍ර වීරරත්න

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *