උසස් පෙළ නිසා SLFP සංවත්සරය දිනකින් වෙනස් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 19, 2017

උසස් පෙළ නිසා SLFP සංවත්සරය දිනකින් වෙනස් කරයි


උසස් පෙළ විභාගය හේතුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය පැවැත්වෙන දිනය වෙනස් කළ බව එහි මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි. සංවත්සරය පැවැත්වීමට සැළසුම් කර තිබුණේ ලබන සැප්තැම්බර් මස දෙවැනිදායි.

ඔහු සදහන් කලේ එදින උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයක් බැවින් පසුදින එනම් සැප්තැම්බර් තුන්වැනිදා පස්වරු 01.30ට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය පවත්වන බවයි.

මෙවර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සර උත්සවයට සහභාගි වීම පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙතෙක් තහවුරු කර නොමැති බව ද ඔහු මෙහි දී කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad