අනියම් සැමියා සමග ඡායාරූප ෆේස්බුක් දමා දරුවන්ට අපහාස කළාට මවක උසාවියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 14, 2017

අනියම් සැමියා සමග ඡායාරූප ෆේස්බුක් දමා දරුවන්ට අපහාස කළාට මවක උසාවියට


තම දරුවන්ට හා සැමියාට ලජ්ජා කරමින් අනියම් සැමියකු ඇසුරු කරනවාට අමතරව අනියම් සැමියා සමග සිටින ඡායාරූප අන්තර්ජාලය තුළ ෆේස් බුක් ඔස්සේ ඥාති හිතමිත්‍රාදීන්ට පෙනෙන්නට සැලසෙන පරිදි පළකර දරුවන්ට පාරෙ බැස යන්නට බැරි තත්වයක් ඇති කලේයයි කියමින් මහරගම පොලිසියට පැමිණි සැමියෙකු
තම බිරියට එරෙහි

පැමිණිල්ලක් කර තිබේ.

ඒ අනුව සිද්ධිය ගැන විභාග කිරීමට මේ වනවිට අනියම් සැමියා සමග පැනගොස් සිටින පැමිණිලිකරුගේ බිරිය හා අලුත් පෙම්වතාට පොලිසිය ඇමතූ පසු ඔවුන් කට උත්තරයක් ලබාදීමට පොලිසියට පැමිණ තිබේ. 

සිද්ධියට අදාළ ෆේස් බුක් ඡායාරූප පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ට එම යුවළ සිප වැළඳගනිමින් සිටින ඡායාරූප රැසක් ෆේස්බුක් ගිණුමක් තුළ තිබී හමුවූ අතර ඒවා සැමියාගේ ෆේස් බුක් ප්‍රොෆයිලයට හා දරු දෙදෙනාගේ ප්‍රොෆයිලයට ටැග්කර තිබෙන අයුරුද හඳුනාගත හැකි විය. මේ ආකාරයට අදාළ මව හැසිරී ඇත්තේ දිගින් දිගටම සැමියා අනියම් ඇසුරට දොස් පවරමින් ලබාදෙන දුරකථන ඇමතුම් වලට එකට එක කිරීමට බව ඇය විසින් පොලිසියෙදී දන්වා ඇත.

සිද්ධිය නිසා එම දරුවන්ට පාසල තුළදී අපහසුතා ඇතිව තිබෙන අතර ඒ වනතුරු සිද්ධිය නොදැන සිටි ඥාති හිතවතුන් දිගින දිගටම ඔවුනගේ පුද්ගලික කරුනු විමසමින් ඇමතුම් ලබාදී තිබෙන නිසා සැමියාද අපහසුතාවයට පත්ව ඇත. ඒ අනුව නුගේගොඩ අධිකරණය වෙත අදාළ යුවළ ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරන ලදි.

No comments:

Post a Comment

Post Bottom Ad