මොරගහකන්ද ජලාශයේ රැස් කළ ජලය වගාබිම් සඳහා මුදා හැරීමත් සමග ජලාශයට යට වූ ගම්මාන මේ දිනවල යළි දැකගන්නට ලැබේ. නාඋල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගම්මාන හයක ජනතාව ජලාශයේ ජලය පිරීම හේතුවෙන් නැවත වෙනත් ස්ථානවල පදිංචිකරන ලදී.
ජලාශයේ ජල මට්ටම පහළ යෑමත් සමග කඹරව විහාරස්ථානය නැවත දැකගන්නට හැකිව තිබේ. මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පි.ජී. දයානන්ද මහතා කියා සිටියේ අක්කර අඩි එක්ලක්ෂ තිස් දහසක ජල ධාරිතාවෙන් මේ වනවිට අක්කර අඩි පනස්දහසක් පමණ ගොවි කටයුතු සඳහා මින්නේරිය,කවුඩුල්ල,කන්තලේ සහ පරාක‍්‍රම සමුද්‍රය වෙත මුදා හැර ඇති බවයි.
කෙසේ වෙතත් මාස්කන්නයේ ඉහල ජලාධාර ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂා තත්ත්වය හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහළ යන බවත්,සැලසුම්කර ඇති පරිදි ජල විදුලි නිෂ්පාදනයද ඉදිරියේදී සිදුවීමට නියමිත බවත් ඔහු කීය.
Monday, August 14, 2017
මොරහකන්දට යට වූ ගම්මාන යළි මතුවෙයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment