තමා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දීමට ඉතා කැමැත්තෙන් සිටින බවත් කොමිසම හමුවේ තමාගෙන් විමසන ඕනෑම කරුණකට පිළිතුරු දීමට තමා සූදානම් බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමා බැඳුම්කර කොමිසම හමුවට කැඳවිය යුතු බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනු තමා දුටු බවත් ඒ ගැන තමාගේ අවධානය යොමු වී ඇති බවත් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව බැඳුම්කර කොමිසම සාක්‍ෂි ලබා ගැනීම සඳහා තමා කැඳවන්නේ නම් තමා ඉතා කැමැත්තෙන් ඊට ඉදිරිපත් වන බවත් සඳහන් කළ කබ්රාල් මහතා විශේෂයෙන්ම කොමිසමට ඉදිරිපත් කිරීමට තමා සතුව අලුත් කරුණු තිබෙන බවද ඒ අනුව බැඳුම්කර මගඩිය නිසා රජයට සහ සමස්‌තයක් ලෙස රටට සිදු වූ සම්පූර්ණ අලාභය සහ බලපෑම ගැන වෘත්තීය ඇගයීමක් කිරීමට තමා සූදානම් බවද කියා සිටියේය.
එසේම මෙම බැඳුම්කර මගඩිය සංවිධානාත්මකව දියත් කිරීමට උපයෝගී කර ගන්නා ලද ක්‍රියාමාර්ග සහ පසුබිම පිළිබඳව විද්‍යාත්මක සහ මනා ලෙස අධ්‍යයනය කළ අවබෝධයක් කොමිසමට ලබා දීමට තමාට මෙම අවස්‌ථාව ප්‍රයෝජනයට ගත හැකි බව ද ඒ මහතා සඳහන් කරයි. තම සහෝදරිය වූ නීතීඥ සිරෝමි වික්‍රමසිංහ මහත්මිය 2013 දෙසැම්බර් 23 දින පර්පෙචුවල් කැපිටල් හෝ කැපිටල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂවරියක් ලෙස පත් කරන ලද බවද එසේම ඇය 2015 මාර්තු 09 දින තම සමාගමෙන් ඉල්ලා අස්‌වූ බවද හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දෙයි.
තම සහෝදරිය එම කාලය තුළ එම සමාගමේ හෝ එහි කිසිදු උප සමාගමක කොටස් හිමිකාරීත්වයක් නොදැරූ බවද එසේම එම කාලය තුළ එම සමාගමේ කිසිදු අධ්‍යක්‍ෂ මණ්‌ඩල රැස්‌වීමකට සහභාගි නොවූ බවද එසේම පර්පෙචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ මණ්‌ඩල සාමාජිකයකු ලෙස කටයුතු නොකළ බවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් පැවසී ය.

No comments:
Post a Comment