අනුර කුමාරගේ පුතුගේ විවාහය ගැන සමාජ මාධ්‍ය විවේචන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 10, 2017

අනුර කුමාරගේ පුතුගේ විවාහය ගැන සමාජ මාධ්‍ය විවේචන


ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ පුතු කසුන්ගේ විවාහය සම්බන්ධ ඡායාරූප පෙළක් පෙරේදා මුල්වරට පළවූයේ ජවිපෙ හිටපු සාමාජිකයෙකුට අයත් වෙබ් අඩවියකය. එය පසුව අන්තර්ජාලයේ බොහෝ තැන් වල පළවූ අතර කථාබහටද ලක් විය.

මේවායේ කසුන් සම්බන්ධයෙන් විවිධ විස්තර පළවූ අතර ඔහු පුද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීම අනුර කුමාරගේ දේශපාලනයට පටහැනි බව
එක් අදහසක් විය. කසුන් අනුර කුමාර මහතාගේ රියදුරා ලෙස වසර 3 ක් පමණ කටයුතු කළබවත් පසුව මහින්ද පාලන සමයේ මිහින් ලංකා ආයතනයේ රැකියාවකට ගිය බවත් මිහින් ලංකා අහෝසි කළ පසුව එයාර් ලංකා වෙත මාරුවූ බවත් එහිදී හමුවූ ලීසා සමග මෙසේ යුග දිවියට එලැඹ ඇති බවත් එම විස්තර වලින් කියැවිණි.


ඔහුගේ අධ්‍යාපනය හා රැකියා ලබාගැනීමේ දේශපාලනික හේතු දක්වමින් මේ ගැන විවිධ කතා පැතිර ගොස් තිබේ. කෙසේ වෙතත් කසුන් දිසානායක නමැති මෙම පුත්‍රයා අනුර කුමාරගේ පුතු බවට නම් කළත් සත්‍ය ලෙසම අනුර කුමාරට දාව උපන්නෙකු නොවන බවත් ඔහුගේ බිරියගේ පෙර විවාහයේ පුතෙකු බවත් මෙම කථාබහේදී හෙළි කර තිබුණි. අනුරගේ බිරියද අනුරට ළඟම ඥාති සම්බන්ධයක් ඇති අයෙකු බවද හෙළි කර තිබේ.

තවත් තැනක කියැවුනේ කසුන්ද අනුරගේ අඩිපාරේ යමින් ජවිපෙ පූර්ණකාලීනව කටයුතු කර ඇති අයෙකු බවයි. මෙම හෙළිදරව් කිරීම් කවරක් අසත්‍යද කවරක් සත්‍යදැයි කිසිවෙකු පැහැදිලි කිරීම් සිදු කර නැත. එනමුත් සිය පුද්ගලික ජීවිත පිළිබඳ තොරතුරු හැමවිටම රහසක් වශයෙන් තබාගන්නා ජවිපෙ සාමාජිකයන්ගේ එම රහස්‍යභාවය නූතන සමාජ මාධ්‍ය ක්‍රියාවලිය තුළ අභියෝගයට ලක්ව ඇති බව පෙනෙන්ට තිබේ. මේ වනවිට කසුන් හා සම්බන්ධ ෆේස්බුක් පිටුවද අක්‍රීය කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad