කවුද ඔබට ඒ ආරංචිය දුන්නේ?
මගේ මාධ්‍ය ලේකම් තමයි කතා කරලා කිව්වේ.
එහෙම ඔබේ නම යොදාගෙන කෙසෙල් ගෙඩි බෙදා තිබෙනවා දැක්කද?
නැහැ. ඒ නිසා මම ඒක ඒ වෙලාවේ එච්චර ගණනකට ගත්තේ නැහැ. පස්සේ දිගින් දිගටම ඒකට සමාජජාලවල අවධානය යොමු වෙලා තියෙන කොට තමයි මේකට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්ද කියලා කල්පනා කළේ. ඒ අනුව තමයි මේ ගැන විමර්ශනයක් කරන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව ඉල්ලීමක් කළේ. ඊට පස්සෙ මම කැබිනට් රැස්වීමේදීත් ඒ පිළිබඳව දැනුම් දුන්නා.
ඔබ එහෙම කළේ නැත්නම් ඇයි මෙච්චර කලබල වුණේ.
මම කලබල වුණේ නැහැ. ඒත් තුට්ටු දෙකේ දේශපාලන කුමන්ත්‍රණ සිදු කරලා ඕනම කෙනකුට මේ වගේ මඩ ගහන කොට ඒවට විරුද්ධව නීත්‍යනුකූලව ක්‍රියාමාර්ග ගන්න හිතුවා. දේශපාලනඥයෙක් හැටියට සමහර විට මට මේවා දරා ගන්න පුළුවන්. හෙට මේ වගේ දේවල් තවත් කෙනකුට වෙන්න පුළුවන්. සමහර විට ඔබට වෙන්න පුළුවන්. එතකොට ආත්ම ගෞරවය රැකගන්න උත්තර දෙන්න ඒ පුද්ගලයාට හැකියාවක් නැහැ. නමුත් ගයන්ත ඔය වගේ තුට්ටු දෙකේ වැඩ නොකරන බවට බොහෝ දෙනෙක් කමෙන්ට්ස් දාලා තිබුණා.
ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේදී මොකද කිව්වේ?
ජනාධිපතිතුමත් කිව්වා මේවට පියවර ගන්න ඕන කියලා. මුළු කැබිනට් එකම ඒකට සහයෝගයෙන් කතා කළා. දේශපාලන වශයෙන් ඔය වගේ කුමන්ත්‍රණ, මඩ ගැසීම් වැරැදියි කියලා කැබිනට් මණ්ඩලයේ බොහෝ අය කිව්වා.
මේකට විපක්ෂයේ අයද සම්බන්ධ?
ඒක සී. අයි. ඩී. විමර්ශනවලින් හෙට අනිද්දාට අනාවරණය වේවි. සමහර විරුද්ධ පක්ෂ මන්ත්‍රිවරු කෙසෙල් ගෙඩි දෙකක් බෙදන තුට්ටු දෙකේ වැඩ කරනවා කියලා කියනවා මට ගුවන් විදුලියෙන් ඇසුණා. ඒ නිසා මේවා සංවිධානාත්මකව කොහෙන් හරි සිදු වෙච්ච දෙයක් කියලා සැක කරන්න පුළුවන්.
ඔබ කාටද මේකට චෝදනා කරන්නේ?
කෙනා කවුද කියලා හඳුනාගෙන තිබෙනවා. සී. අයි. ඩී. එකෙන් මගෙනුත් කට උත්තරයක් ගත්තා.
ඒ පුද්ගලයා කවුද?
ඒක ගැන පරීක්ෂණ කෙරෙන නිසා නම් ගම් කියන්න මම කැමැති නැහැ. ඒක සී. අයි. ඩී.යට භාර වැඩක්.
ඔහු ඔබේ පක්ෂයේ කෙනෙක්ද?
කාට සම්බන්ධ කෙනෙක්ද කියලා මූලික අවබෝධයක් මට දීලා තියෙනවා. පරීක්ෂණ අවසන් වනතුරු ඒක ප්‍රකාශ කිරීම අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ. හරියටම දැනගන්න තමයි සී. අයි. ඩී. එකට දුන්නේ.
මුහුණු පොතෙන් බොරුවක් සමාජ ගත කරන්න පුළුවන්ද?
ඒවා පිළිගන්න අයත් ඉන්නවා. අපි ගැන නොදන්න අයත් රටේ ලෝකෙ ඉන්නවා. ඒ අය වැරැදි අවබෝධයක් ගන්න පුළුවන්.
කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී රාජිත සේනාරත්න ඇමැතිවරයා ප්‍රකාශ කළා මේක සංවිධානාත්මක මධ්‍යස්ථානයකින් කරන වැඩක් කියලා. ඒක ඇත්තද?
ඒ පුද්ගලයාගේ නම සොයා ගත්ත නිසා රාජිත සේනාරත්න මැතිතුමා දන්න ටික තමයි එතුමා කිව්වේ.
– මව්බිම –
Sunday, June 11, 2017

ඇමති ගයන්ත කෙසෙල්ගෙඩි හොරා හදුනාගනී…
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment