“පොලිස් භටයෝ දම්මලා මේවා නතර කරන්න බෑ.අපි මුන්ගේ අමාත්‍යාංශය ඇතුළට යනවා.වෙඩි තියනවා නම් තියපල්ලා .බෝම්බ ගහනවා නම් ගහපල්ලා” – අන්තරේ පා ගමන උණුසුම් වෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

“පොලිස් භටයෝ දම්මලා මේවා නතර කරන්න බෑ.අපි මුන්ගේ අමාත්‍යාංශය ඇතුළට යනවා.වෙඩි තියනවා නම් තියපල්ලා .බෝම්බ ගහනවා නම් ගහපල්ලා” – අන්තරේ පා ගමන උණුසුම් වෙයි (VIDEO)

සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන තුරු මේ අරගලය ඉදිරියට ගෙන යන බව අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු වීරසේකර පවසනවා. සයිටම් හොර උපාධි කඩය අහෝසි කර දමන ලෙසත් ව්‍යාජ විසඳුම් පිළි නොගන්නා බවත් සඳහන් කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (17) පැවැත්වූ විරෝධතාවයට පොලීසිය විසින් අධි පීඩන ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

විරෝධතාකරුවන්ට විහාරමහාදේවී උද්‍යානය අසලදී පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබූ අතරම විරෝධතාකරුවන් විසිරී යාමක් සිදු නොවූ බැවින් මෙලෙස නෙළුම් පොකුණ අසලදී යළිත් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට පොලිසිය කටයුතු කළා.

පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ළහිරු වීරසේකර මේ බව කියා සිටියේ.

“උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙතන එහා පැත්තේ.ඔව් අපි ආවේ ඒකට යන්න තමයි.පොලිස් භටයෝ දම්මලා මේවා නතර කරන්න බෑ.අපිට කදුළු ගෑස් කාලා හොදට පුරුදුයි .වතුර පහර කාලා හොදට පුරුදුයි.හොදට පුරුදුයි බැටන් පොළු ප්‍රහාර කාලා.අපි මුන්ගේ අමාත්‍යාංශය ඇතුළට යනවා. 


ශ්‍රි ලංකා වෛද්‍ය සභාවට බෝම්බ ගහලා භය කරන්න හැදුවා.ඔය කදුළු ගෑස් වලට මේවා නවත්තන්න බෑ.අර රජ ඉබ්බෝ වගේ ඇදගෙන ඉන්න පොලිස් භටයන්ට මේවා නවත්තන්න බෑ.ගහනවා නම් ගහපල්ලා .වෙඩි තියනවා නම් තියපල්ලා .බෝම්බ ගහනවා නම් ගහපල්ලා .,මේ අරගලය මෙතනින් නවත්තන්නේ නෑ. “ඔහු පැවසුවා.


No comments:

Post a Comment

Post Bottom Ad