ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය සඳහා නම් තුනක් යෝජනා වීම නිසා ලබන සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී එම තනතුර පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය සඳහා අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර හා එස්.බී. දිසානායක යන අමාත්‍යවරුන් තිදෙනාගේ නම් යෝජනා වී ඇත. තමා ජනමාධ්‍ය ඇමැතිවරයාව සිටියදී එම කාර්යය කිරීම නිසා නැවත වරක් එය භාර ගැනීමට අපහසු බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවැති කැබිනට් මණ්ඩලයේදී දයාසිරි ජයසේකර මහතා ඒ සඳහා පත් කිරීමට යෝජනා වී තිබිණි. එම තනතුර සඳහා ඊයේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස්.බි. දිසානායක මහතාගේ නමද යෝජනා වී තිබිම නිසා ඒ පිළිබඳ සාකච්ඡා කර ලබන කැබිනට් මණ්ඩලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය පත් කිරීමට තීරණය කර ඇත.

No comments:
Post a Comment