වෙරළ ආශ්‍රිතව තිබෙන භාවිතයට නොගන්නා හා ඉවත් කරන ලද (ජලය එක්රැස් විය හැකි) සියලුම ධීවර බෝට්ටුල ඔරු හා උපකරණ ඉවත් කිරීමට හෝ විනාශ කිරීමට හෝ පියවර ගන්නැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට ඊයේ (16) උපදෙස් දී ඇත.
ඒ අනුව මුහුදු තීරයේ ඇති ජලය එක්රැස්වන භාවිතයට ගත නොහැකි සියලු ධීවර උපකරණ විනාශ කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටිලාල් ප්‍රනාන්දු මහතාට උපදෙස් දී තිබේ.
නිරිතදිග මෝසම් සක්‍රිය වී ඇති බැවින් කඩින් කඩ ඇතිවන මද වැසි මෙන්ම අව්වද ඩෙංගු රෝගය හිස එසැවීමට ඉවහල් වී ඇත. එමෙන්ම වෙරළ තීරයේ අතහැර දමා ඇති ධීවර යාත්‍රා,ඔරු හා ජලය එක්රැස් විය හැකි උපකරණ ඩෙංගු කීටයන් බහුල මදුරු ආකර බවට පත් වී ඇති බව ඇමැතිවරයා සඳහන් කළේය. එම නිසා භාවිතයට නොගන්නා මෙම ධීවර උපකරණ විනාශ කර දමන ලෙස තමා උපදෙස් දුන් බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
No comments:
Post a Comment