ජාතික රෝහලේ ශල්‍යාගාර දෙකක් වසා දමලා… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 16, 2017

ජාතික රෝහලේ ශල්‍යාගාර දෙකක් වසා දමලා…

කොළඹ ජාතික රෝහලේ හෘද හා උරස්‌ ඒකකයේ ශල්‍යාගාර දෙකක්‌ සහ දැඩි සත්කාර ඒකකයක්‌ වසරකට ආසන්න කාලයක්‌ තිස්‌සේ වසා දමා ඇති බව රොහල් ආරංචි මාර්ග පවසයි.

මෙම හේතුවෙන් බයිපාස්‌ සැත්කම් ඇතුළු සියලු හෘද සැත්කම් සියයට 50 කින් අඩු වී පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන් දැඩි ජීවිත අවදානමකට ලක්‌ව ඇති බවද වාර්තාවේ. කොන්ත්‍රාත්කරු හා නිලධාරීන්ගේ කඹ ඇදිල්ල හේතුවෙන් මෙම ශල්‍යාගාර හා දැඩි සත්කාර ඒකකය නවීකරණය කිරීමේ කටයුතු තවත් මාස කීපයකට ප්‍රමාදවනු ඇතැයිද එම රෝහල් ආරංචි මාර්ග කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad