එම්බාම් නොකලමිනී පොලිතීන් කවරයක දමා
එක්දාස් පන්සීයේ පෙට්ටියක බස්සා එවලා
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින්ගේ දේහයන් බහා තැබීමට රජයෙන් ලබා දී තිබූ මිනී පෙට්ටි ඉතා බාල තත්වයේ ඒවා බවට එම ප‍්‍රදේශයේ ජනතාව චෝදනා කරති.
එම මිනී පෙට්ටි ගැලවී නොයන ලෙස රෙදිපටිවලින් බැද ඥතීන් විසින් ගෙන යනු දක්නට ලැබුනු අතර ඥතීන් චෝදනා කලේ මිනී පෙට්ටිවලිනුත් ගසා කා ඇති බවයි. මෙම මිනී පෙට්ටියක් රුපියල් 1500ක් වත් මිල නොවන බව පවසන ඔහුන් මිනි කිසියක් එම්බාම් නොකර පොලිතින් කවරවල බහා තිබූ බවටද ඔවුහු චෝදනා කරති.
No comments:
Post a Comment