එයා ඉතාලියේ විද්‍යා පර්යේෂිකාවක්
- බුඩි බිරිය ගැන කියයි
සිහින දේශයෙන් ,මිල්ලෙ සොයා, මාතා ආදී චිත්‍රපට නිර්මාණය කිරීමට දායකවූ විශ්වනාත් බුද්ධික කීර්තිසේන හෙවත් බුඩී කීර්තිසේන පසුගියදා යුග දිවියට එළැඹුණා. සිනමාව තුළ සොඳුරු අසම්මත රිතියක නිර්මාණ කරන්නෙකු ලෙස ප්‍රකට ඔහු බොහෝ කලාකරුවන්ගේ සහෘද හිතවතෙකි.
නමුත් ඔහුට පුද්ගලික ජීවිතයේ පිළිවෙළ අඩුය. විවාහය ප්‍රමාද වූයේ මේ නිසාය.ඔහුගේ දැන් වයස 50 කි. දිගු කලෙක පටන් ඔහු සමග පෙමින් වෙළුණ ඉතාලියේ නතාලියා සමග විවාහ මංගලෝත්සවය පසුගිය දා කොස්වාඩියේ පිහිටි බුඩීගේ නිවසේදී පැවැත් විණි.ඔහු ඒ ගැන මෙසේ කියා ඇත.
විවාහයත් එක්ක බූඩිගේ ජීවිතේ අලුත් වුණාද?
ජීවිතේ ලොකු වෙනසක් සිද්ධවෙලා ඇති. නමුත් මම ඒ තරම් ගැඹුරින් ඒ වෙනස භාරගන්නේ නෑ.
ඇය විදේශික කාන්තාවක්. ඔබ දෙදෙනා එකතු කළේ සිනමාවද?
කොහෙත්ම නෑ. අපි දෙන්නාව එකතු කළ නිමිත්ත කොහෙත්ම සිනමාව නම් නෙවෙයි. මම ඇයව යුරෝපයේදී හඳුනාගත්තේ බොහොම ළෙන්ගතු මිතුරියක් හැටියට. වෘත්තියෙන් ඇය විද්‍යා පර්යේෂිකාවක්.
සිනමාවට සම්බන්ධ කෙනෙක්ව විවාහ කරගන්නේම නැහැ කියන මතයේ බූඩි හිටියද?
ඔව්. එදා ඉඳලාම කලාවට සම්බන්ධ කෙනෙක්ව ‘බිරිඳ’ කරගන්න මගේ කැමැත්තක් තිබුණේ නැහැ. මුළු ලෝකෙම මේ ෆීල්ඩ් එක එකම විදියයි. ඒක අපි කවුරුත් දන්න දෙයක්. මොකද නිතර විවිධ අයව ආශ්‍රය
කරන්න හමුවෙනවා. ඒ හමුවීම් පුද්ගලික ගැටලු දක්වා දුරදිග යන වෙලාවල් ඕන තරම් තියෙනවා.
විවාහය කලාකරුවාගේ අවසානයයි කියලා කියමනක් අහලා තියෙනවාද?
ඒක නම් දන්නෙ නෑ ඉතින්. මීට කලින් මම කසාද බැඳලා නැහැනේ.
මේ බැඳීම නිසා හිතන්න තියෙන නිදහස සීමාවෙලා නැද්ද?
හැමදාම මම සිනමාවේ නියැළුණේ විවේකීවයි. වෘත්තිය හැටියට ඒක සලකලා මම වෙහෙසිලා නැහැ. ඒ වගේම සම්මාන ඉලක්ක කරලා වැඩ කරලත් නැහැ. මගේ වැඩවලට කිසියම් සීමාවක් තිබුණා නම් ඒ සීමාව
තමයි මගේ තෘප්තිය. ඉදිරියටත් නිදහසේ හිතමින් නිදහසේ වැඩ කරනවා.
සාවිත්‍රි විතානගේ (රිවිර)
ඉතාලියේ නතාලියා සමග විවාහ මංගලෝත්සවය පසුගිය දා කොස්වාඩියේ පිහිටි බුඩීගේ නිවසේදී තිබු අවස්ථාවේ දී ලබාගත් ඡායාරූප එකතුව මෙතැනින්
Pix By -Frank De Soysa (courtesy: lakbima.lk)
Tuesday, April 18, 2017
එයා ඉතාලියේ විද්‍යා පර්යේෂිකාවක් - බුඩි බිරිය ගැන කියයි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment