ප‍්‍රදේශයේ ගොවි ජනතාවගේ ගවයින් තණකොළ කැවිමටවත් මාදුරුඔය ජාතික උද්‍යානයට ඇතුළු කිරිමට අවසර නොදෙන වනජිවි දෙපාර්තමේන්තුව උද්‍යානයෙන් විශාල ප‍්‍රමාණයක් චීනයට ලබා දිමට එරෙහිව මුණිවත රකින්නේ රජය සෘජුවම මැදිවත්ව සිටින නිසා බවද ප‍්‍රදේශවාසිහු පෙන්වා දෙති.
තොරතුරු දැනගැනිමේ පනත අනුව මෙම ව්‍යාපෘතිය පිළිබද කරුණු 172ක් ඇතුළත් කර ඒ සඳහා තොරතුරු ලබා දෙන ලෙස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියත් ඔහුන් විසින් කරුණු 15 ක් සඳහා පමණක් පිළිතුරු ලබා දුන් බව ප්‍රදේශවාසීහු පවසති. මේ සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන් එක්ව අභියාචනාධිකරණයේ නඩුවක් ගොනුකර ඇති අතර එය මේ මස 27 වැනිදා කොළඹ අධිකරණයේ දී විභාගයට ගැනිමට නියමිතය.
No comments:
Post a Comment