කොළඹ කුණු කරදියානට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 18, 2017

කොළඹ කුණු කරදියානට

කොළඹ කුණු කරදියානට
මීතොටමුල්ල කුණ කන්ද නාය යාමෙන් පසු කොළඹ නගරයේ එකතුවන කුණු දිනකට මෙට්‍රික් ටොන් 350 බැගින් පිළියන්දල කරදියාන කසල අංගනයට බැහැර කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය අද(18) කොළඹ මහ නගර සභාවට අවසර දුන්නේය.

කොළඹ මහ නගර සභාව අධිකරණයෙන් කළ ඉල්ලීමක් මත එම කසල බාරගන්නා ලෙස අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂවරයාට නියෝග කෙරිණි. එහි සභාපතිනි රුවිනි ධර්මසිරි මහත්මිය විසින් එම කසල බාරගැනීමට අවශ්‍ය කටයුතු යොදන බව අධිකරණයට දන්වනු ලැබුවාය.

No comments:

Post a Comment

Post Bottom Ad