පිරිමින්ට ගැබ්ගන්වන ලංකාවේ රසායනාගාරය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 18, 2017

පිරිමින්ට ගැබ්ගන්වන ලංකාවේ රසායනාගාරය

සූරියවැව නගරයේ පිරිමියකු (35) ගැබ් ගෙන ඇති බවට පෞද්ගලික පරීක්ෂණ වාර්තාවක් දී ඇතැයි සූරියවැව රෝහලෙන් වාර්තා විය. වෛද්‍ය නිර්දේශ මත මෙම විවාහකයා ලේ සහ මුත්‍ර පරීක්ෂණයක් කර දින දෙකකට පසු එම වාර්තාව වෛද්‍යවරයකුට පෙන්වා තිබේ. වෛද්‍යවරයා තුෂ්නීම්භූත වී රෝගියා දෙස බලා ඇත්තේ එම වාර්තාව අනුව රෝගියා ගැබ් ගෙන ඇති බවට සඳහන්ව තිබූ නිසාය.

අප කළ සොයා බැලීමේදී ප්‍රදේශයේ රෝගීන් ගණනාවකටම වැරදි වෛද්‍යවාර්තා හේතුවෙන් යම් යම් අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වූ බවත්, ඇතැම් රෝගීන් ලැජ්ජාව මත කිසිවකුටත් නොකියන බවත් ප්‍රදේශවාසීහු කියති. වෛද්‍ය රසායනාගාරයක් පවත්වාගෙන යන ස්ථානයකට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයකු සිටිය යුතු වුවද සූරියවැව ඇතැම් වෛද්‍ය රසායනාගාර තුළ සේවයේ යොදවා සිටින්නේ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයට පෙනී සිටි පිරිස් බව ද පැවැසේ.

මේ තත්ත්වය පිළිබඳව සූරියවැව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය අධිකාරී වෛද්‍ය වීරසිංහ මහතාගෙන් වීමසීමේදී ඔහු කීවේ මෙම තත්ත්වය පිළිබඳව තමාටද වාර්තා වූ බවයි. රෝහලට පැමිණෙන රෝගීන්ගේ රෝගී තත්ත්වය හා රෝගියා වෙනුවෙන් ලබා ගන්නා වෛද්‍ය පරීක්ෂණ වාර්තා අතර සමහර විට කිසිදු සම්බන්ධයක් නැති අවස්ථා තමන්ටද දක්නට ලැබුණු බවත් ඔහු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *