අපරාධ කිහිපයකට සම්බන්ධවී පොලිසිය හා අධිකරණය මගහැර කට්ටි පනිමින් සිටි උණ්ඩියා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන සැකකරු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් හෙරොයින් පැකට් 16 සමග අත්අඩංගුවට ගනු ලැබීය.
අනුරාධපුර විජයපුර පදිංචි 32 හැවරදි සැකකරු අනුරාධපුර ශ්‍රාවස්තිපුර හංදිය ප්‍රදේශයේ සිටින බවට සැරයන් 26852 විජේසිංහ මහතාට ලැබුණු රහසිගත තොරතුරකට අනුව පොලිසිය වැටලීම සිදුකර ඇති අතර පොලිසිය දුටු උණ්ඩියා යතුරු පැදියත් එම ස්ථානයේම දමා වේගයෙන් දිවයද්දී ඔහු පසුපස හඹාගිය පොලිස් කොස්තාපල් 62953 සිරිමල් නිළධාරියා ඔහු අල්ලාගෙන තිබේ.
පසුව සැකකරු පරික්ෂාවට ලක්කල අවස්ථාවේ කලිසම් සාක්කුවේ සගවාගෙන තිබු හෙරොයින් පැකට් 16 පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුට එරෙහිව අනුරාධපුර නොච්චියාගම අධිකරණවල නඩු හතරක් විභාගවන බවත් එම නඩුවලට ඉදිරිපත් නොවීම නිසා සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් වරෙන්තු නිකුත්කර තිබූබව පොලිසිය පැවසුවේය.
ඊට අමතරව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයටත් කැබිතිගොල්ලෑව මුලස්ථාන පොලිසියටත් මොහු අවශ්‍ය අයෙකු බව පොලිසිය පැවසුවේය. මහවෙල පොලිස්වසමේදී කාන්තාවක් පැහැරගෙන යාමේ සිද්ධියකටද සැකකරු අවශ්‍යව සිටි බව පොලිසිය පැවසුවේය.
අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.ඩබ්.නවරත්ත මහතාගේ උපදෙස්මත සැරයන්වරුන් වන 26852 විජේසිංහ,12581 සෝමතිලක, පොලිස් කොස්තාපල්වරුන් වන 11320 ජයසුන්දර,37348 දිසානායක,48265 වීරසිංහ,48028 නලීන්, 62953 සිරිමල්,84569 මාලක හා 33601 උද්දික යන නිළධාරින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
Tuesday, April 18, 2017
කාන්තාවන් පැහැරගත්,කුඩු ජාවාරම් කල,පොලිසියෙන් කට්ටිපැන්න ‘උණ්ඩියා’ අත්අඩංගුවට..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment