මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමත් සමඟ ඇති වූ තත්වයෙන් පසු දිනපතා කොළඹ එකතුවන කුණු දොම්පෙ ප්‍රාදේශීය සභාව සතු කසළ කළමනාකරණ මධ්‍යස්ථානයට ගෙන ඒමට ගත් තීරණය සමඟ ඒ අවට පදිංචි ජනතාව අතර නැවතත් ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවිය.
“කොළඹ කුණු අපට එපා, මෙතන මළත් කොළඹ කුණු ගේන්න දෙන්නෙ නෑ” යන සටන් පාඨ කියමින් කිරිඳිවැල හංවැල්ල මාර්ගයේ මාලිගාවත්ත කසල කළමනාකරණ මධ්‍යස්ථානයට යන පාර අවහිර කරමින් උද්ඝෝෂනයක් පවත්වන ලදී. මෙම අවස්ථාවට දොම්පෙ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක, පළාත් සභා මන්ත්‍රී රවි විජේසේකර, ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන නීතිඥ පියසේන කාරියප්පෙරුම, අජිත් සිසිර කුමාර යන මහත්වරු සහභාගි විය.
ඒ අවස්ථාව වන විට කොළඹින් කසළ පැටවූ ට්‍රිපර් රථ හතක් පමණ ප්‍රමාණයක් කළමනාකරණ මධ්‍යස්ථානයට ගොස් තිබිණ. තවත් ට්‍රිපර් රථ කීපයක් නගරාසන්නයේ නවතා තිබිණ. මේ අවස්ථාවේ විරෝධතාකරුවන් කියා සිටියේ එම ට්‍රිපර් රථ වලට ආපසු යාමට ඉඩදෙන බවත් නැවත ඇතුල්වීමට ඉඩ නොදෙන බවත්ය. මෙම අවස්ථාවට ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාාරී මුදිත පුස්සැල්ල මහතා ඇතුළු කිරිඳිවැල, දොම්පෙ, පූගොඩ, මල්වතුහිරිපිටිය, නිටිටඹුව යන පොලිස් ස්ථාන වලින් සහ පොලිස් විශේෂ බලකායේ නිළධාරීහු ද පැමිණ සිටින ලදී.
මෙහිදී ගම්පහ ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී මහතා සහ පරිසර අධිකාරියේ නැගෙනහිර පළාත් භාර අධ්‍යක්ෂ දොම්පෙ කසල කළමනාකරණ මධ්‍යස්ථානයේ කළමනාකාර චතුර මල්වාන මහතා දීර්‍ඝ කරුණු පැහැදිලි කිරීමකින් අනතුරුව අද දින මෙම ස්ථානයට සියළුම ට්‍රිපර් රථ සඳහා ඇතුළු වීමට ඉඩ දෙන බවත් රැස්ව සිටි අය ප්‍රකාශ කරන ලදී. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා අධිකරණය ලබා දී ඇති තීන්දුව ද පැහැදිලි කර දීමෙන් පසුව සියල්ල විසිර යන ලදී.
ඉදිරියේ දී ගනු ලබන පියවර සාකච්ඡා කර දැනුවත් කිරීමට පරිසර අධිකාරියේ චතුර මල්වාන මහතා ද ජ්‍යෙෂඨ පොලිස් අධිකරී මුදිතපුස්සැල්ල මහතා ද කටයුතු කරන බව ප්‍රකාශ කරන ලදී.
Tuesday, April 18, 2017
“කොළඹ කුණු අපට එපා”දොම්පෙ කැළබෙයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment