අවුරුදු උත්සවේට කෑම පිසින්න යමින් සිටි කුක් ගොඩගම වෑන් මිනි කූපර් අනතුරින් මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 13, 2017

අවුරුදු උත්සවේට කෑම පිසින්න යමින් සිටි කුක් ගොඩගම වෑන් මිනි කූපර් අනතුරින් මරුට

අවුරුදු උත්සවේට කෑම පිසින්න යමින් සිටි කුක්
ගොඩගම වෑන්
මිනි කූපර් අනතුරින් මරුට
දෙදෙනෙකුට තුවාලයි


ඊයේ අවිස්සාවේල්ල - හෝමාගම මාර්ගයේ ගොඩගම මංසන්ධියේදී වෑන් රථයක් සහ මිනි කූපර් වර්ගයේ කුඩා මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටී අනතුරක් සිදු වුණි. මිනි කූපර් රථයේ කෝකියෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ගමන් කරමින් සිටි අතර අවුරුදු උත්සවයක ඉවුම් පිහුම් වැඩ සඳහා කෝකියා කැඳවා එමින් සිටියදී අනතුර සිදු විය.


අනතුර සිදුවන අවස්ථාවේ මිනි කනූපර් රථය මාර්ගයේ දකුණු පසින් වැරදි මංතීරුවේ ධාවනය වෙමින් පැවති බව පැවසේ. අධික වේගයෙන් පැමිණි වෑන් රථය මුහුණට මුහුණලා ගැටෙද්දී පාලනය කරගන්නට බැරි තත්වයක් උදාවූ බව අනතුරින් තුවාල ලද වෑන් රියදුරා පවසා තිබේ.

ඊයේ උදෑසන සිදුවූ මෙම රිය අනතුරකින් කෝකියා මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.මියගියේ පාදුක්ක - වටරැක ප්‍රදේශයේ පදිංචි සූපවේදියෙකු වන ආනන්ද දිනේශ් කුමාර නමැති 32 හැවිරිදි විවාහකයෙකි. අනතුරෙන් තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බවද වාර්තා විය.


ඡායාරූප - අයිරංගි එදිරිසිංහ

No comments:

Post a Comment

Post Bottom Ad