මීතොටමුල්ල කුණු කන්ද යළි අවදානම්    - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 18, 2017

මීතොටමුල්ල කුණු කන්ද යළි අවදානම්   

මීතොටමුල්ල කුණු කන්ද යළි අවදානම්   
මීතොටමුල්ල කණු කන්ද ආශ්‍රිතව තවදුරටත් නායයාම සිදුවෙමින් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. වර්ෂාපතනයක් සිදුවුවහොත් එම කසල කඳු තල්ලු වීම වැඩි විය හැකි බවත් අධි අවදානම් කලාපයක් ලෙස එම ප්‍රදේශයේ කොටසක් නම් කර ඇති බවත් එහි නායයාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පැවසීය.

කසල කන්ද අවට අවදානම් කලාපයක් නම්කර ඇති බව ඔහු සඳහන් කළේය. කසල කන්ද අවට අවදානම් තත්ත්වයේ පවතින නිවාස 130ක පදිංචිකරුවන් ඉවත්කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය උපදෙස් දී තිබේ. මේ අතර මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ ගණන මේ වනවිට 26 දක්වා ඉහළ ගොස් තිබේ. කුණු කන්දට යට වූ පුද්ගලයින් සොයා යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහභාගීත්වයෙන් තවදුරටත් අඛණ්ඩව මෙහෙයුම් සිදු කෙරේ. 

මීතොටමුල්ලේ සෝදිසි මෙහෙයුම් සඳහා මේ වන විට ආරක්ෂක අංශ නිලධාරීන් දහසකට අධික සංඛ්‍යාවක් යොමු කර තිබේ. සිදුවූ ආපදාවෙන් නිවාස 145කට හානි සිදුව ඇති අතර පවුල් 180කට අයත් පුද්ගලයින් 625 දෙනෙක් අවතැන්ව සිටිති. තවදුරටත් අවදානම පවතින ස්ථානවල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ. ඒ අනුව ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවේදී මීතොටමුල්ල වී අලෙවි මණ්ඩලයේ ගබඩා 2 ක එම පිරිස තවකාලිකව රඳවා තැබීමට තීරණය කෙරිණි.

No comments:

Post a Comment

Post Bottom Ad