ඝාතනය අභිරහසක්: හිස නැති මළ සිරුරක් සාලියවැවදී හමුවෙයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 18, 2017

ඝාතනය අභිරහසක්: හිස නැති මළ සිරුරක් සාලියවැවදී හමුවෙයි 

ඝාතනය අභිරහසක්: හිස නැති මළ සිරුරක් සාලියවැවදී හමුවෙයි 
සාලියවැව - නීලබැම්ම ප්‍රදේශයේ තිබී හිස නැති මළ සිරුරක් හමු වු බව සාලියවැව පොලීසිය පවසයි. එම ස්ථානයේ තිබී පොලිස් කොස්තාපල්වරයකුගේ හැදුනුම්පතක් හා පිස්තෝලයක් හමුවී ඇති බවද පොලිසිය පැවසී ය.

මළ සිරුර හදුනා ගැනීමට නොහැකි තත්ත්වයේ පවතින බවත් එම හැඳුනුම්පත ඉකුත් 04 වැනි දා අතුරුදන්වූ බව කියන අනුරාධපුර මූලස්ථාන පොලීසියේ කොස්තාපල්වරයකුගේ බවට හඳුනාගෙන ඇති බවත් පොලිසිය පැවසී ය. මිය ගිය පුද්ගලයා එම පොලිස් නිළධාරියාද යන්න මෙතෙක් හදුනා ගෙන නොමැත.

No comments:

Post a Comment

Post Bottom Ad