ප්‍රවේශම්වන්න! ඊ-මේල් ඔස්සේ පරිගණක වෛරසයක් එයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 18, 2017

ප්‍රවේශම්වන්න! ඊ-මේල් ඔස්සේ පරිගණක වෛරසයක් එයි 

ප්‍රවේශම්වන්න! ඊ-මේල් ඔස්සේ පරිගණක වෛරසයක් එයි 
ඉ-තැපෑලක (emails) ස්වරූපයෙන් මේ වනවිට පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. තමන්වෙත ලැබෙන සැක සහිත ඉ-මේල් පණිවිඩ විවෘත කිරීමෙන් වැළකී සිටීම වඩාත්ම ආරක්‍ෂාකාරී පියවර බව සංසදයේ ප්‍රධාන තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.

මෙම වෛරසය රැන්සොම්වෙයාර් (Ransomware) වෛරසය ලෙස හදුනාගෙන තිබෙන අතර තමන්ට ලැබෙන ඉ-මේල් පණිවිඩයක ඇමුණුමක් (attachment) විවෘත කරන්නට යෑමේදී තම පරිගණකය වෛරසයට ගොදුරු විය හැකි බව චන්ද්‍රගුප්ත මහතා වැඩිදුරටත් සදහන් කරයි. ප්‍රවෘත්ති, ශ්‍රව්‍ය දෘශ්‍යය පට, පීඩීෆ් ගොණු ආදී ලෙස තිබෙන ඕනෑම ඇමුණුමක් වශයෙන් ලැබෙන ව්‍යාජ ඉ-මේල් පණිවිඩයක් ඇතැම් විට  මෙම වෛරසය විය හැකි බව සංසදය පවසයි.

පරිගණකය ‍මෙම වෛරසයට ගොදුරු වුවහොත් පරිගණකයේ තිබෙන සියලු ලිපි ගොණු තොරතුරු දත්ත ජායාරූප ඉ-මේල් පණිවිඩ ආදී සමස්ථයම යලි පරිශීලනය කිරීමට නොහැකි කේතයන්  (encrypt) බවට දැක්වෙන බව චන්ද්‍රගුප්ත මහතා වැඩිදුරටත් පැවසී ය. තම පරිගණකයේ තිබෙන වැදගත් ලිපිගොණු පිංතූර දත්ත තොරතුරු තවත් තැනක පිටපත් කර තැබීම (backup) වඩාත් ආරක්‍ෂාකාරී උපක්‍රමයක් බවත් එසේම තම පරිගණකයේ ස්ථාපිත කර තිබෙන වෛරස් ගාඩය නිරන්තරයෙන් යාවත්කාලීන කර ගැනීම උචිත වන බවත් සංසදය සදහන් කරයි.

මේවන විට තම පරිගණකය මෙම වෛරසයට ලක්වීම පිලිබදව පැමිණිලි කීපයක් ලැබී තිබෙන බවද සංසදය පවසයි.  www.cert.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිලිබද වැඩිදුර තොරතුරු දැන ගත හැකි වේ. 

No comments:

Post a Comment

Post Bottom Ad