සංගාගේ නිවස ලෝකයේ පළමු තැනට… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 12, 2017

සංගාගේ නිවස ලෝකයේ පළමු තැනට…




ක්‍රිකට් ක්‍රීඩකයන් අතර වඩාත් අලංකාර නිවාස හිමි ක්‍රිඩකයන් අතර මුල් තැන ශ්‍රී ලාංකික ක්‍රිඩකයෙකුට හිමිව ඇති අතර එසේ මුල් තැන හිමිව ඇත්තේ දක්ෂ මෙන්ම ජනප්‍රිය සුපිරි ක්‍රිඩකයෙකු වන කුමාර් සංගක්කාරගේ නිවස හටය.

Engeltine Cottage යනු එහි මුල් අයිතිකරුවන් ඒ බංගලාවට දැමූ නාමය වන අතර මේ බංගලාව සංගක්කාරගේ ඥාතීන් විසින් මීට අවුරුදු 81 කට පෙර මිල දී ගෙන තිබේ. ඉපැරණි වලව්වක් වන මෙම නිවස අදටත් එදා මෙන් සුදු හුණුවලින් පිරියම් වී ඇති අතර සංගක්කාර ඉපදුණු දිනයේ පටන් අදටත් තම පවුලේ සාමාජිකයන් සමග ජීවත් වන මෙම නිවස මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ. එසේම නිවසේ හැඩය, පැරණි ගෘහ නිර්මාණ මෙන්ම අවට පරිසරයේ අලංකාරයද තවත් වැඩි කර තිබේ.


දෙවැනි ස්ථානය හිමි වී ඇත්තේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු වන ශේන් වොස්ටන්ට වන අතර ක්‍රිකට් වලින් අලංකාර අවකාශයක් ලබාගත් වොස්ටන්ගේ නිවස සුඛෝපභෝගී කාමර 4කින් සහ පිහිනුම් තටාකයකින් සමන්විතය.
 
තෙවන ස්ථානයට පත්වන නිවසේ හිමිකරුවා වන්නේ ඕස්ට්‍රේලියාවේ ශේන් වොන් වන අතර බ්‍රයිටන් හි ඔහුගේ සුපිරි මන්දිරය පිහිටා තිබේ. නිදන කාමර 4ක්, ටෙනිස් ක්‍රීඩා කිරීමේ ස්ථානයක්, නාන තටාකයක් මෙන්ම වාහන 10ක් නවතා තැබිය හැකි ගරාජයක්ද මෙහි ඇත. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඔහුට හිමි අංක 23 සංකේතවත් කිරීමට නාන තටාකය 23 දිස්වන ආකාරයට සකස් කර තිබීමද විශේෂත්වයකි.

ක්‍රිකට් තරු වල සුපිරි නිවාස අතර සිවුවන ස්ථානයට පත්වන ක්‍රිස්ගේල්ගේ නිවස ජැමෙයිකාවේ කදු ගැටයක් මත පිහිටා තිබේ.
මේ සුපිරි නිවසේ කිංග්ස්ටන් නගරය සංකේතවත් කරන තට්ටුවක්, නාන තටාකයක්, රංග ශාලාවක්, නර්තනය සදහා කොටසක්, බිලියඩ් ක්‍රීඩාව සදහා වෙන් වු කාමරයක් තිබේ.

 
ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් ගේ අධි සුඛෝපභෝගී නිවස මහල් පහකින් සමන්විත වන අතර එයින් පහළම මාල ටෙන්ඩුල්කාර් ගේ වාහන නැවැත්විමටත් අනෙක් ඒවා ඔහුගේ කුසලාන සහ දක්ෂතා ප්‍ර‍දර්ශනය කිරීමටත් භාවිතා කරනු ලැබේ.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක බ්‍රෙට්ලි ගේ නිවස ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නිවෙස්වල හය වන ස්ථනයට පත්ව තිබේ. ඔහු ඇමරිකානු ඩොලර් මිලියන 2ක් වටිනා නිවස අත්හැර සිඩ්නි වරාය අසල මිලියන 4ක් වටිනා මේ සුපිරි නිවස මිලදී ගෙන තිබේ. නාන තටාකයකින් ද, සම්භාහන මධ්‍යස්ථානයක් සහ කාය වර්ධන මධ්‍යස්ථානයකින් ද මෙම නිවසේ සමන්විත වේ.


ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩෙවිඩ් වොනර්ගේ නිවස හත් වන ස්ථානයට තේරී පත් වී තිබේ. මේ නිවස ඕස්ට්‍රේලියාවේ ගොර්ඩින් බොක්ක අසල පිහිටා ඇති අතර තට්ටු හතරකින් සමන්විත මෙම නිවස නිදන කාමර 5න් සහ නාන කාමර 5කින් සමන්විත වෙයි. එසේම මේ සුපිරි නිවස ඇමරිකානු ඩොලර් මිලියන 6.25 ක වටිනාකමකින් යුක්තය.

හිටපු ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක්ගේ නිවස ලොව  අට වැනියට හොදම නිවස බවට තේරී පත් වී තිබේ. එම නිවසේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 8.5ක් වන අතර නිවසෙහි පිටුපස කොටස ක්‍රිකට් ක්‍රීඩා කිරිමට තරම් ඉඩ පහසුකම් වලින් යුක්ත වේ.

කල්කටාවේ කුමාරයා නමින් විරුදාවලිය ලත් ඉන්දීය සුපිරි ක්‍රීඩක සව්රෝ ගංගුලිගේ නිවස නව වන ස්ථානයට තේරීපත් වී තිබේ.
ඔහුගේ නිවසේ කාමර 48ක් වන අතර ගෙදර මැද ක්‍රිකට් ක්‍රීඩා කළ හැකි තණ තීරුවක් ද තිබේ. ගංගුලිගේ පවුල ඉන්දියාවේ ධනවත්ම පවුල් වලින් එකක් වීම, ඔහු මේ සා විශාල නිවසක අයිතිකරුවෙකු වීමට හේතුවක් වේ.


ලෝව සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සුපිරි නිවෙස් 10ට ඕස්ට්‍රේලියානු හිටපු නායක රිකී පොන්ටින්ගේ නිවසත් ඇතුළත් වන අතර එසේ ඇතුලත් වනුයේ 10වන ස්ථානයටය. ඇමරිකානු ඩොලර් මිලියන 10 ක් වටිනා මේ අධි සුඛෝපභෝගී නිවසේ නිදන කාමර 7ක් බිලියඩ් ක්‍රීඩාව සදහා වෙන් වූ කාමරයක්, පුස්තකාලයක්, නාන තටාකයක්, මුහුදු වෙරළට ගමන් කළ හැකි පුද්ගලික පාරකින් ද සමන්විත වේ.

No comments:

Post a Comment

Post Bottom Ad