අවුරුද්දට පඩි ගෙවන්න සල්ලි අච්චු ගහයි 2017 වසරේ බිලියන 304ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 12, 2017

අවුරුද්දට පඩි ගෙවන්න සල්ලි අච්චු ගහයි 2017 වසරේ බිලියන 304ක්

රජයේ සේවකින්ට අලුත් අවුරුදු වැටුප් ගෙවීමටත් රජයේ අනිකුත් අමතර වියදම් සඳහාත් විශාල වශයෙන් අලුතින් සල්ලි අච්චු ගැසීමට ශ්‍රීලංකා මහ බැංකුව පොලබවා ඇත.

2017 වසරේ දී ජනවාරි 01 වෙනිදා සිට අප්‍රියෙල් 7 වෙනිදා දක්වා පමණක් රුපියල් බිලියන 304 එනම් මිලියන 304050 ක් අලුතින් සල්ලි මුද්‍රණය කොට ඇත.

මහා බැංකුවේ 2017.04.07 දින ප්‍රකාශයට පත්කල සතියේ ආර්ථික වාර්තාවේ (Weekly Economic Indicator) සඳහන් වේ, ( එම වාර්තාවේ 8 වෙනි පිටුවේ CBSL Treasury Bill Holdings -Face 07.04.2017 ට (Rs.mn) 304.050 සඳහන් කොට ඇත.

මෙය හම්බන්තොට වරාය චීන සමාගමට විකුණා ලබාගත් ඩොලර් බිලියන 1 .1ක මෙන් දෙගුණයකට ආසන්න ය. මෙතරම් විශාල මුදලක් සල්ලි අලුතින් මුද්‍රණය කිරීම තුලින් තව මාස 6 ක් යනවිට උද්ධමනය සීඝ්‍රයෙන් ඉහළ යන අතර රුපියල ඩොලරයට සාපේක්ෂව දරුණු කඩා වැටිමකට ලක්විම අනිවාර්ය ය.

එමෙන්ම විදේශිකයන් භාණ්ඩාගාර බැදුම්කර තුල කර ඇති සියලු ආයෝජන ඉවත්විමේ අවධානම තවත් ඉහළ යනු ඇත. එමෙන්ම ඉදිරියේදී සියලුම ආනයනය භාණ්ඩ පෙට්‍රල් ඇතුලුව ඉහළ යෑම අනිවාර්ය බව ආර්ථික විශේෂඥයන්ගේ මතය යි.

ආර්ථික වාර්තා මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad