චිකාගෝ ගුවන්ගු තොටුපොළේ සිට ලුයිස්විල්ව දක්වා පියාසර කරන United Airlines සමාගමට අයත් ගුවන් යානයක ආරක්ෂක භටයන් බලහත්කාරයෙන්ම යානයේ සිටින මගියෙකු ඉවත් කරන ආකාරය අන්තර්ජාලය පුරා මේවනවිට කතා බහට ලක්වෙමින් පවතී.
වෘතියෙන් වෛද්‍යවරයෙකු වූ චීන සම්භවයක් ඇති ඩේවිඩ් ඩාඕ නමැති 69 හැවිරිදි මෙම පුද්ගලයා ගුවන් යානයේ ආරක්ෂකයන විසින් පහරදී බලෙන්ම එලියට ගෙන ගොස් ඇත්තේ ඔහු තමාට ගෙදර යාමට අවශ්‍ය බව බැගෑපත්ව අයදිමින් සිටියදීය. ආරක්ෂකයන් විසින් මෙසේ ඔහු වාඩිවී සිටි අසුනෙන් රැගෙන යන්නේ එම යානයේ වැඩිපුර මගීන් නංවා ගැනීම හේතුවෙනුයි. ගුවන් යානයේ මගීන් සිව් දෙනෙකුට යානයෙන් කැමැත්තෙන් ඉවත්වන්න යැයි බලධාරීන් පවසා ඇති අතර එසේ නොමැති වූ තැන බලධාරීන් සිය කැමැත්ත අනුව මෙසේ මගීන් කිහිපදෙනෙකු ඉවත් කර තිබුණි.
වෙනත් මගීන් සිටියදී 69 හැවිරිදි ඩේවිඩ් ඩාඕව අමානුෂික ලෙස ගුවන් යානයෙන් ඇද දැමීම පිලිබඳ ගුවන් යානයේ ආරක්ෂකයන් කියා සිටින්නේ ඔහු කලහකාරී ලෙස හැසිරීම නිසා ඔවුන් මෙසේ ගුවන් යානයෙන් එලියට ඇද දැමූ බවයි.
චීන සම්භවයක් ඇති මෙම වෛද්‍යවරයාට සිදුවූ අපහසුතාවය දැක්වෙන වීඩියෝව චීනයේ විශාලතම සමාජ ජාලය වන Weibo සමාජ ජාලයේ මිලියන 120 කට අධික ප්‍රමාණයක් නරඹා ඇති අතර චීන ජාතිකයන් මෙන්ම ලොව වටා බොහෝ පිරිස් United Airlines සමාගම විසින් සිදුකළ මෙම ක්‍රියාවට අප්‍රසාදය පළකොට තිබුණි. දිගින් දිගටම එල්ලවූ මෙවැනි බලපෑම් හමුවේ United Airlines හි ප්‍රධාන විධායක නිලධාරිවරයා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගැනීමටද කටයුතු කොට තිබුනා.
ලේ එනතුරු පහරකෑමට ලක්වූ වෛද්‍ය ඩේවිඩ් ඩාඕ...
වීඩියෝව බලන්න පහතින්....
Wednesday, April 12, 2017
Home
ඕපාදුප
“මට ගෙදර යන්න ඕනේ..මට ගෙදර යන්න ඕනේ” කියූ වෛද්‍යවරයෙකු අමානුෂික ලෙස ගුවන් යානයෙන් බලෙන්ම එලියට ඇද දැමූ හැටි (VIDEO)
“මට ගෙදර යන්න ඕනේ..මට ගෙදර යන්න ඕනේ” කියූ වෛද්‍යවරයෙකු අමානුෂික ලෙස ගුවන් යානයෙන් බලෙන්ම එලියට ඇද දැමූ හැටි (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment