පැමිණෙමින් ඇත්තේ බුදු දහමට විපත්තිදායක කාලයක් නිසා සියළු දෙනා බුදුදහම රැකගැනීමට එක්විය යුතු යයි අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤානරතන හිමියෝ පවසති.
උන් වහන්සේ මේ බව කියා සිටියේ ජාතික හෙළ උරුමයේ නියෝජිතයින් පිරිසක් අස්ගිරි මහ විහාරයට පැමිණි අවස්ථාවේදීය. තවමත් රට ජාතියට ආගමට විරුද්ධ බලවේගයන් ක‍්‍රියාත්මක වන බව පෙනෙන බවද කී එහිමියෝ ජනතාව කිසිදු තේරුමක් අරමුණක් නැති ඇදහිලි මිත්‍යා විශ්වාස පස්සේ සීඝ‍්‍රයෙන් ඇදී යන බවද කීහ.
ප‍්‍රශ්නවලින් මිදී දැහැමි දිවියක් ගත කිරීමට බුදුදහම මහා පිටිවහලක් කරගත හැකි යයිද මහ නාහිමියෝ වැඩි දුරටත් කීහ.
Tuesday, April 18, 2017
බුදුදහමට මහ විපත්තිදායක කලක් එනවා..- අස්ගිරි මහ නාහිමි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment