ලේක් හවුසියට අපහාස කරන ෆේස්බුක් පිටුව ගැන රහස් පොලිස් පරීක්ෂණ. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 20, 2017

ලේක් හවුසියට අපහාස කරන ෆේස්බුක් පිටුව ගැන රහස් පොලිස් පරීක්ෂණ.

ලේක් හවුස් ආයතනයට සහ එහි කළමණාකාරීත්වයට අපහාස  වන පරිදි පවත්වාගෙන යන ෆේස්බුක් පිටුවක් සම්බන්ධයෙන් මේ සන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මේ සම්බන්ධයෙන් වන පැමිණිල්ල අද උදෑසන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ගොනු කිරීමට ලේක් හවුස් කළමණාකාරීත්වය කටයුතු කොට තිබිණි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ආයතනයේ කළමණාකරීත්වය කටයුතු කොට ඇත.

'ලේක් හවුසිය ආරක්ෂාකරන්නෝ' යන නම යටතේ පවත්වාගෙන යන මෙම ෆේස්බුක් පිටුව හරහා ලේක් හවුස් ආයතනයට මූල්‍යමය මෙන්ම අනෙකුත් අලාභ සිදු වී ඇති බවත්,  ආයතනයේ කළමනාකාරිත්වයට සහ සේවකයන්ට පුද්ගලික අපහාස සිදු කොට ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් කොට ඇත.

මේ සැක කෙරෙන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ද අද උදෑසනම  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. ඒ ඔස්සේ ඉදිරි පරීක්ෂණ විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් හරහා දියත් කෙරෙනු ඇත. පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මේ විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවට තාක්ෂණික සහය සපයයි.

No comments:

Post a Comment

Post Bottom Ad