කුණු ප්‍රශ්නයට විසඳුමක් ලෙස ‘කුණු සහ අසූචි’ නව කැබිනට් අමාත්‍ය ධූරයක්..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 20, 2017

කුණු ප්‍රශ්නයට විසඳුමක් ලෙස ‘කුණු සහ අසූචි’ නව කැබිනට් අමාත්‍ය ධූරයක්..?

රටේ මේ වනවිට උද්ගත්ව ඇති කුණු ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට අපොහොසත් වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් වගකීම භාරගැනීමට නියමිත අමාත්‍යාංශයක් මෙන්ම විෂය භාර කැබිනට් අමාත්‍යවරයෙකු නොමැතිකම බව බොහෝ අවස්ථාවන් වල දකින්නට ලැබුනි.

විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ පරිසරය භාරව කටයුතු කරන අතර මහානගර නිර්මාණ හා නාගරික සංවර්ධනයට සඳහා අමාත්‍යාංශයක් ඇති කොට එම අමාත්‍යාංශය චම්පික රණවක අමාත්‍යවරයාට පවරා ඇත. එහෙත් නිශ්චිතව කුණු සම්බන්ධව වගකීම ගැසට් කල විෂය භාර අමාත්‍යාංශයක් මෙන්ම අමාත්‍යවරයෙකු නොමැතිවීම නිසා එහි වගකීම මේ වනවිට රජය වෙනුවෙන් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා බාරගෙන ඇත.

ලෝකයේ කුණු යනු විශාල සම්පතක් මෙන්ම ධනය උපයාගත හැකි මාර්ගයක් බැවින් මේ වනවිට රජයේ ඉහළ බලධාරීන් විසින් යෝජනා කොට ඇත්තේ මේ සඳහා අමාත්‍යාංශයක් ඇතිකල යුතුය යන්නය. ඒ අනුව නව අමාත්‍යාංශය කුණු සහ මළඅපද්‍රව්‍ය (අසූචි) යනුවෙන් විෂය පුලුල් කොට නව අමාත්‍යාංශයක් ලෙස බිහිකොට ඒහි කැබිනට් අමාත්‍ය ධූරය සඳහා ඒ විෂය සම්බන්ධව විශේෂ හැකියාවක් පෙන්වා ඇති කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී නියෝජ්‍යා අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා වැන්නෙක් පත්කිරීම යෝග්‍ය මෙන්ම ඒ හරහා ඔහුට අමාත්‍ය ධූරයක් ලබාදීමට හැකි බවද සාකච්ඡා කොට ඇත.

පසුගිය දා නියෝජ්‍යා අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ප්‍රදේශයේ අසූචි වලක් පරීක්ෂා කොට බැලූ ආකාරය මෙතනින්

(අන්තර්ජාල පුවත් වාර්තා ඇසුරිනි)

No comments:

Post a Comment

Post Bottom Ad