එදා මිනිස්සුන්ගේ ඡන්දය ගන්න එක නායකයකු කිව්වා “අපි බලයට ආවොත් මේ රට ධර්මිෂ්ඨ සාමාජයක් කරනවා කියලා” කොච්චර හොදද ධර්මිෂ්ඨ කිව්වම, මේ සම්පූර්ණ අමූලික බොරුවක් නේ කලේ යයි උත්සව සභාවක් අමතමින් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න නායක හිමියන් ප්‍රකාශ කරන ලදි.
උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කලේ ඉන් පසුත් නොයෙක් නායකයින් තම ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරමින් බලයට පැමිණි බවත් පසුගිය කාලයේ ජනතාව කියා සිටියේ යහපාලනයක් අපි කරන්නේ කියලා, මේකේ දූෂණ නැ, වංචා නැහ, හොරකම් නැ, මොකක්වත් නැ, දැන් මිනිස්සුන්ට මොකක්ද මේ යහපාලනය කියන්නේ කියන එක තේරුම් අරගන්න බැරිවෙලා තියෙනවා, දැන් අපිටයි පිස්සු, අපිට තේරුම් ගන්න බැහ මොකක්ද මේ යහපාලනය කියනනේ කියලා යයි උන්වහන්සේ ප්‍රකාශ කරන ලදි.
රජය විසින් අත්තනෝමතික ලෙස එට්කා ගිවිසුම අත්සන් කරන්නට සැරසෙන බැවින් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් ජාත්‍යන්තර වෙළඳාම සහ වෙළඳ ගිවිසුම් පිළිබඳව මහජන අදහස් ලබාගෙන ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය සඳහා වූ මහජන කොමිසම පත් කිරීමේ සමාරම්භක උලෙළට සහභාගි වෙමින් උන් වහන්සේ මේ අදහස් දැක්වීම කළහ.
මීට පෙරද නාරාහේන්පිට අභයාරාමයෙදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දි මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න නායක හිමියන් පැවසුවේ මේ රටේ ඕනම දරුවෙකු පවා දන්නා මහා බැංකු බැදුම්කර වංචාව සම්බන්ධව කොමිෂන් පත් කොට නිකම් කාලය කා දමන්නේ නැතිව ජනාධිපතිවරයා මෙම මහා හොරකම සිදු කල අයව නීතියේ ඉදිරියට ගෙනවිත් දඩුවම් කල යුතුය යන්නයි.
Friday, February 24, 2017
Home
දේශපාලන පුවත්
හොරකම්,වංචා,දූෂණ නෑ කියූ යහපාලනය අපට තේරුම් ගන්න බෑ.. අපිට පිස්සුද.. මේකද යහපාලනය.. – බෙල්ලන්විල නාහිමියෝ යහපාලනයේ පළු අරිති..
හොරකම්,වංචා,දූෂණ නෑ කියූ යහපාලනය අපට තේරුම් ගන්න බෑ.. අපිට පිස්සුද.. මේකද යහපාලනය.. – බෙල්ලන්විල නාහිමියෝ යහපාලනයේ පළු අරිති..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment