ආයතනය පාඩු ලබන බව කියා සේවකයන් බලහත්කාරයෙන් ගෙදර යවමින් සිටින ලේක්හවුස් පාලනාධිකාරිය එහි ඉහළ නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා ඇපල් අයි ෆෝන් වර්ගයේ සුපිරි ජංගම දුරකථන ලබාදීමට පියවර ගෙන තිබේ.
වසර පහළොවක විස්සක සේවා කාලයක් සහිත සේවකයන් තුට්ටු දෙකට ගෙදර යැවූ ලේක්හවුස් සභාපතිවරයා තමන්ගේ හිතවතුන්ට දුරකථන මිල දී ගැනීමට ලක්ෂ ගණන් වියදම් කිරීම කොතරම් සදාචාර සම්පන්නදැයි සේවකයෝ ප්‍රශ්න කරති. ජනතාවට බදු ගසමින් මන්ත්‍රීවරුන්ගේ වැටුප් හා දීමනා ලක්ෂ ගණනින් ඉහළ දමා ගැනීමේ යහපාලන රජයේ අඩි පාරේම ලේක්හවුස් පාලනාධිකාරිය ගමන් කරමින් සිටීම සේවක සේවිකාවන්ගේ දැඩි විරෝධයට ලක්ව තිබේ.
වර්තමාන පාලනාධිකාරිය පත් වූ දා පටන් ලේක්හවුස් ආයතනයේ සාමාන්‍ය සේවක සේවිකාවන්ගේ දීමනා හා වරප්‍රසාද කප්පාදු කරමින් යන අතර ඉහළ නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ සුරතලියන්ගේ පහසුකම් අහස උසට ඉහළ නංවා තිබේ. මාධ්‍යවේදින් හට සාහිත්‍ය මාසයේ පොත් මිල දී ගැනීමට දුන් රුපියල් 5000ක දීමනාව කප්පාදු කළ ලේක්හවුස් පාලනාධිකාරිය බෝනස් සහ අනෙකුත් දීමනා කප්පාදු කිරීමට මේ වන විටත් සැලසුම් සකස් කර තිබේ.
දිනෙන් දින අගාධයට යන ආයතනයක නිලධාරීන් රැසකට පමණක් රුපියල් පනස් දහසකට වඩා වැඩි වටිනාකමකින් යුත් අයි ෆෝන් ලබා දීමෙන් පාලනාධිකාරිය බලාපොරොත්තු වන්නේ කුමක්දැයි නොදන්නා බව සේවකයෝ පවසති. මෙම ඉහළ නිලධාරීන් කණ්ඩායම පාලනාධිකාරියට යෝජනා කර ඇත්තේ රුපියල් 120,000ක් පමණ මිලැති අයි ෆෝන් 7 (iPhone 7)වර්ගයේ ජංගම දුරකථන ලබා ගැනීමට වුවත් සේවක විරෝධතාවට බියෙන් ඊට අඩු මාදිලියක දුරකථන මිලදී ගෙන තිබේ.
මෙම නිලධාරීන් දැනටමත් භාවිතා කරනුයේ ආයතනය විසින් ලබා දුන් බ්ලැක්බෙරි වර්ගයේ සුපිරි ජංගම දුරකථන වන අතර ඒවායේ මිල එවකට රුපියල් ලක්ෂය ඉක්මවීය. රුපියල් ලක්ෂ ගණනින් මසකට වැටුප් හිමි එහෙත් දිනකට පැය හතරක සේවයට පැමිණි සභාපතිවරයාගේ සුරතලියන්ට ද මෙම සුපිරි දුරකථන හිමිව ඇති අතර මේ ගනුදෙනුව හරහා ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනකුගේ අතමිට සරුව ඇති බව සේවකයන් අතර කතාබහට ලක් ව තිබේ.
උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ
Tuesday, December 6, 2016
Home
අනාවරණ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ iPhone මෙනියාව එදාවේල කන්න නැති ලේක්හවුසියටත් වැලදේ…මග යන්න පණ නැති එවුන්ටත් iPhone
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ iPhone මෙනියාව එදාවේල කන්න නැති ලේක්හවුසියටත් වැලදේ…මග යන්න පණ නැති එවුන්ටත් iPhone
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment