ජයලලිතාගේ අභාවයට උතුරු සබේ කල් තබයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 6, 2016

ජයලලිතාගේ අභාවයට උතුරු සබේ කල් තබයි

ජයලලිතාගේ අභාවයට උතුරු සබේ කල් තබයිතමිල්නාඩු හිටපු මහඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මියගේ හදිසි මිය යාමට ශෝකය පලකරමින් අද දින (06) රැස්වූ උතුරු පලාත් සභාව හෙට (07) දිනය දක්වා කල් තැබීමට උතුරු සභාවේ සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා පියවර ගත් බව උතුරු පලාත් සභා මන්ත්‍රී වී.ජයතිලක මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද දින පලාත් සභා සැසිවාරයට සහභාගී වීමෙන් අනතුරුවය. උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් මෙන්ම ධීවර ජනතාව වෙනුවෙන් ද හඩක් නැගූ ජයලලිතා ජයාරාම් මහ ඇමතිවරිය සියලු දමිළ ජනතාවගේ හදවත් දිනු නායිකාවක් බැවින් ඇයගේ හදිසි මිය යාමට ගෞරව කිරීමක් වශයෙන් අද දිනයේදී මෙලෙස පලාත් සභා සැසිවාරය හෙට දිනය දක්වා කල් දැමීමට තීරණය කළ බව උතුරු පලාත් සභා සභාපතිවරයා සභාවට දැනුම් දුන් බවත් එහිදී එම ප්‍රකාශයට කිසිවෙක් විරෝධය පෑමක් සිදු නොකල බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

No comments:

Post a Comment

Post Bottom Ad