බැසිල් නිදහස් - දිවිනැගුම නඩුවේ අධිචෝදනා නීතිපති ඉවත්කර ගනී  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 6, 2016

බැසිල් නිදහස් - දිවිනැගුම නඩුවේ අධිචෝදනා නීතිපති ඉවත්කර ගනී 

බැසිල් නිදහස් - දිවිනැගුම නඩුවේ අධිචෝදනා නීතිපති ඉවත්කර ගනී 
දිවිනැඟුම අරමුදලේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම හමුවේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේදී හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට හා සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව ගොනු කළ අධිචෝදනා නීතිපති විසින් ඉවත්කර ගෙන තිබේ.

එම අධිචෝදනා පත්‍රයන්හි තාක්ෂණික දෝෂයක් ඇතැයිද ඒවා සංශෝධනය කරමින් නැවත අධිචෝදනා පත්‍ර ගොනුකරන්නේ යැයිද නීතිපති වෛනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ සමෘද්ධි අරමුදලේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන විත්තිකරුවන් නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු පත්මිණී එම් රණවක මහත්මිය අද (06) නියෝග කළේය. එසේම ඔහුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනමද ඉවත් කරනු ලැබිය.

No comments:

Post a Comment

Post Bottom Ad