ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ දක්ෂතා වර්ධනය කිරීමට මෙරට ප‍්‍රවීණ ක‍්‍රීඩකයින් ඉදිරියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සමග එක්වන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උපදේශක අරවින්ද ද සිල්වා කොළඹදී ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
“ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දැනුමේ කිසි අඩුවක් නැහැ. ඉතිං එයාලව ඉස්සරහට පාවිච්චිකරන්න ඕනේ අපේ තරුණ පරපුරටත් ඒ දැනුම ලබාදෙන්න. අපේ ක්‍රීඩකයන් ඉන්නවා මහේල , සංගා , මුරලිදරන් , අසංක ගුරුසිංහ වැනි ක්‍රීඩකයන්ගේ සියළු දැනුම අපි ඉස්සරහට ලබාගන්න බලාපොරොත්තු වෙනවා අපේ කොච්න්ග් ඩිපාර්ට්මන්ට් එක දියුණු කරන්න”
අරවින්ද ද සිල්වා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උපදේශක වශයෙන් කටයුතු කරන අතර ක‍්‍රීඩක දක්ෂතා වර්ධනය කිරීමේ කළමනාකරු වශයෙන් සයිමන් විල්ස් මහතා කටයුතු කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සයිමන් විල්ස්ගේ අධීක්ෂණය යටතේ හෂාන් තිලකරත්නට සහ උපුල් චන්දනට පසුගියදා පිතිකරණ සහ පන්දු රැකීම් පුහුණුකරු තනතුරු ද පිරිනැමුණී.
Tuesday, December 6, 2016
ශ්රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සංගා,මුරලි,මහේල,ගුරුසිංහ පිටියට..!
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment