ලංකාව චීන යුද ගුවන් යානා මිලදී ගැනීමේ සූදානමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 5, 2016

ලංකාව චීන යුද ගුවන් යානා මිලදී ගැනීමේ සූදානමක්

ලංකාව චීන යුද ගුවන් යානා මිලදී ගැනීමේ සූදානමක්
ශ්‍රී ලංකාව චීනය විසින් නිෂ්පාදනය කරනු ලබන යුද ප්‍රවාහන ගුවන් යානා මිලදී ගැනීමට තීරණය කර ඇතැයි සවුත් චයිනා මෝනිං පුවත් සේවය වාර්තා කර තිබේ.

ඒ අනුව චීනය විසින් අලුතෙන්ම නිෂ්පාදනය කරන ලද 'Xian Y-20' ගුවන් යානා මිලදී ගැනීමට ශ්‍රී ලංකාව සුදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපුටා දක්වමින් සවුත් චයිනා මෝනිං පුවත් සේවය වාර්තා කර ඇත.

ආරක්ෂක අංශ භාවිතයට මෙන්ම මගී ප්‍රවාහනයට යොදාගන්නා 'Xian Y-20' ගුවන් යානා, චීනයෙන් පිට රටක් එය මිලදී ගැනීමට සැරසෙන ප්‍රථම රට බවටද ශ්‍රී ලංකාව පත්ව තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad