පාර්ලිමේන්තුවේදී ‘බුරුත අත්තක්’ සභාගත කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 5, 2016

පාර්ලිමේන්තුවේදී ‘බුරුත අත්තක්’ සභාගත කරයි

පාර්ලිමේන්තුවේදී ‘බුරුත අත්තක්’ සභාගත කරයි
අද (05) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බුරුත අත්තක් සභාගත කළේය.

ක්‍රීඩා අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ලක් කරමින් පාර්ලිමේන්තුව රැස්ව සිටි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවිය. එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා විසින් මෙම බුරුත අත්ත සභාගත කළේය.

හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රීඩාවට වඩා සිදුකළේ වෙනත් කටයුතු බවත් එම සමයේ කළුවර, බුරුත ආදී ලී පැටවූ ආකාරය පිළිබඳ තමාට සාක්ෂි ඇති බවත් කියමින් ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සභාවේ සිටින්නන්ගේ දැන ගැනීම පිණිස මෙම බුරුත අත්ත සභාගත කරන බව කියාසිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad