ජය ලලිතාට අන්තිමයි - මියගිය ආරංචි වැරදිලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 5, 2016

ජය ලලිතාට අන්තිමයි - මියගිය ආරංචි වැරදිලු

6.45 pm Update
තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයාරාම් මරණාසන්න මොහොතක සිටින බව ඉන්දියාවෙන් වාර්තා වෙනවා. 

පසුගිය කාලය පුරාම අසාධ්‍යව චෙන්නයි නුවර ඇපලෝ රෝහලේ ඇඳක ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඊයේ සිට හෘදයාබාධ තත්වයකට ප්‍රතිකාර ලබාගත් බව මාධ්‍ය වාර්තා පළවූ අතර ‘ද ඉන්දියන් එක්ස්ප්‍රස්‘ පුවත් සේවය ඇය මිය ගිය බවටද වාර්තා කර තිබුනි.

ජයලලිතා මිය නොගිය බවත් ඇය ඉතා බරපතල තත්ත්වයෙන්

රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍යවරු ඇයගේ තත්ත්වය පරීක්ෂා කරමින් සිටින බවත් එම රෝහල මීට ස්වල්ප වේලාවකට පෙර මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කළා.

 68 වැනි වියේ පසුවන ජයලලිතා පසුගිය සැප්තැම්බර් 22 වැනිදා සිට අසාධ්‍ය තත්වයට පත්වීමෙන් පසු මහඇමතිනි තනතුරේ පාලන කටයුතුද වෙනත් අයෙකුට පවරා ඇත. ඇපලෝ රෝහල ඉදිරිපිට දහස් ගණනින් ජනයා රැස්ව සිටින බවත් රෝහල අවට ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාව යොදා ඇති බවත් වාර්තාවේ.





No comments:

Post a Comment

Post Bottom Ad