ජයලලිතා ජයරාම් මරණයට පත්වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 6, 2016

ජයලලිතා ජයරාම් මරණයට පත්වේ


ජයලලිතා ජයරාම්
මරණයට පත්වේ


තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් (68) ඊයේ මධ්‍යම රාත්‍රියට ආසන්නයේ 11.30 ට පමණ මියගිය බව තහවුරු කරන ලද පුවත ඉන්දියානු මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

සඳුදා සවස ඇය මියගොස් ඇති බවට ඉන්දියාවේ පළවූ ඇතැම් ප්‍රවෘත්ති වැරදි බව පසුව ඇපලෝ රෝහල දන්වා සිටි නමුත් පසුව රාත්‍රී මියගිය ආරංචිය එම රෝහල විසින්ම සනාථකරන ලදි. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ හදිසි හෘදයාබාධයකි. 

සැප්තැම්බර් 22 සිට ඇය දින 73 ක් රෝහල් ගතව සිට මෙසේ මියගියාය. මෙම ආරංචියත් සමග දහස් ගණන් අනුගාමිකයින් රෝහල අසළට පැමිණි අතර ආධාරකරුවන් පාලනය කර ගැනීමට 15,000ක පොලිස් බලඇණියක් ද කැඳවා තිබිණි. ආවේගයෙන් කුපිතවූ පිරිස් පොලිස් මුරපොළට ප්‍රහාර එල්ල කර  ඇති බවද වාර්තා විය.

තමිල්නාඩු ප්‍රාන්තයේ වෙළෙඳ ඇමැතිවරයා

ලෙස කටයුතු කරන ඕ.පන්නීර්සෙල්වම් මීළඟ මහ ඇමැතිවරයා ලෙස නම්කර ඇත. ඉන්දියාවේ ඇය වෙනුවෙන් සතියක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර ඇත.

6 වතාවක් තමිල්නාඩුවේ මහ ඇමතිනිය බවට පත්වූ ජයලලිතා පැරණි සිනමා නිළියකි. ඇය මියයනතුරුම අවිවාහකව සිටියාය. ශ්‍රී ලංකාවට ආසන්නම දකුණු ඉන්දියානු ප්‍රාන්තයේ මහඇමතිනිය හැටියට සිටියත් ඇය ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් පමණක් සහයෝගය දැක්වූ බවට විවේචන තිබුණි.

කොටි සංවිධානයේ පුහුණුවීම් හා සංවිධාන ගතවීම් සඳහා ඇගේ භූමි ප්‍රදේශය ලබාදීම නිසා ලංකාවේ ත්‍රස්ත උවදුර මැඩලීමට ඇය කාලයක් තිස්සේ බාධාකාරී හැසිරීම් ඇති කර තිබුණි. ලංකාවේ බොදු වන්දනාකරුවන්ටද ඇය නිසා හිරිහැර හා සම්බාධක ඇති විය.

අද අඟහරුවාදා උදෑසන ඇගේ දේහය චෙන්නායිහි රජාජි ශාලාව වෙත මහජන ගෞරව පිණිස රැගෙන ගොස් ඇත. අවසන් කටයුතු ලබන ඉරිදා සවස සිදු කරන්නට නියමිතය.



No comments:

Post a Comment

Post Bottom Ad