සෞන්දර්ය පීඨයේ 105කට උපාධිය අහිමිවෙයි? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 6, 2016

සෞන්දර්ය පීඨයේ 105කට උපාධිය අහිමිවෙයි?

සෞන්දර්ය පීඨයේ 105කට උපාධිය අහිමිවෙයි?
දෘෂ්‍ය කලා පීඨයේ පැවති වර්ෂ අවසාන විභාගය සඳහා 80% පැමිණීමේ ප්‍රතිශතය ගණනය නොකළද විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේදී 80% පැමිණීමේ ප්‍රතිශතය ගණනය කිරීම නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 105දෙනෙකුට උපාධිය අහිමිවීමේ තත්ත්වයක් උදාවී ඇති බව දෘෂ්‍ය කලා පීඨ ශිෂ්‍ය සංගමය පවසයි.

2012/2013 අධ්‍යයන වර්ෂයේදී 60% පැමිණීමේ ප්‍රතිශතය අනුවද සිසුන් විභාගයට පෙනී සිටි බවත්, එහෙත් වර්තමානයේදී විභාගයට පැමිණීමේ ප්‍රතිශතය ගණනය නොකළද ප්‍රතිඵල නිකුත් කිරීමේදී 80% පැමිණීමේ ප්‍රතිශතය සලකා බලන බවත් එම සංගමයේ ලේකම් අමිල සඳරුවන් මහතා කියාසිටියේය.

එමෙන්ම තුන්වන වසරේ මහ හතරවන වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පැමිණීමේ ප්‍රතිශතය සලකා නොලැබූ බවත්, එහෙත් ප්‍රතිඵල නිකුත් කිරීමේදී 80% පැමිණීම සලකා බලන බවත් ඔහු පැවසීය. 

පැමිණීමේ ප්‍රතිශතය සලකා බැලීම නිසා වර්ෂ අවසාන විභාගවල ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවා තිබෙන බවත් ඒ හේතුවෙන් මේ වනවිට අවසාන වසරේ විභාගයට මුහුණදීමට සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් අවසන් විභාගය ඉහළින් සමත්වුවද ඔවුන්ට උපාධිය අහිමි වන බවත් ඔහු අවධාරණය කළේය.

මේ නිසා වහාම ප්‍රතිඵල නිකුත් කිරීමේදී 80% පැමිණීමේ ප්‍රතිශතය ඉවත් කරන ලෙස එම සංගමට ඉල්ලා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad