ජනමත විචාරණයේදී ආණ්ඩුවේ පරාජය නියතයි.. කැදවන්න එපා.. – එජාප පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව රනිල්ට කියති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 5, 2016

ජනමත විචාරණයේදී ආණ්ඩුවේ පරාජය නියතයි.. කැදවන්න එපා.. – එජාප පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව රනිල්ට කියති..

කිසිසේත්ම ජනමත විචාරණයක් නොකැදවන ලෙසත් එසේ කැදවුවහොත් ස්ථිර වශයෙන්ම පරාජය වන බවත් එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මැති ඇමති කණ්ඩායම තදින් අවධාරණය කර තිබේ.

දැනට දින දෙකතුනකට පෙර පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී එහි සිටි සියළු දෙනා අගමැතිවරයාට ඒකමතිකව මේ අදහස ඉදිරිපත් කර ඇත.

ජනමත විචාරණයකට නොයා කල හැකි ව්‍යවස්තා වෙනස් කිරීම් සියල්ල කරන ලෙසත් ජනමත විචාරණයක් කැදවුවහොත් පරාජය ස්ථිර බවත් ඔවු අවධාරණය කර තිබේ. මේ තත්වය මත නව ව්‍යවස්ථාවක් සදහා වූ ජනමත විචාරණය මෙන්ම නව ව්‍යවස්ථාව ගෙන ඒමද අර්බුදකාරී තත්වයට පත්ව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad