22 පෙම්වතා 16 පෙම්වතිය දූෂණය කර පැන යද්දී මාට්ටු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 6, 2016

22 පෙම්වතා 16 පෙම්වතිය දූෂණය කර පැන යද්දී මාට්ටු

පෙම් සබඳතාවක් පවත්වාගෙන යමින් බාල වයස්කාර පාසල් දැරියක දූෂණය කිරීමේ චෝදනාව මත මහව පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන මහව අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකු හෙට(7දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහව මහෙස්ත්‍රාත්වරයා පෙරේදා (4දා) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත

කෙරුණේ මහව, හල්මිල්ලෑව ප්‍රදේශයේ අවුරුදු 22ක තරුණයෙකි. වින්දිත දැරිය අවුරුදු 16ක පාසල් අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක් වන අතර ඇය වෛද්‍ය පරීක්ෂණ සඳහා මහව රෝහලට ඇතුළත් කර තිබේ.

කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ප්‍රේම සම්බන්ධතාවක් හමුවේ මෙම පුද්ගලයා මෙම දැරිය සමඟ ලිංගිකව සිටිමින් ඇයව දූෂණය කර ඇති අතර මේ පිළිබඳ දැරියගේ මවුපියන්ට දැනගන්නට ලැබී ඔවුන් විසින් මහව පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව මහව පොලිස් ස්ථානයේ නිලධාරියෙක් පැවැසීය.

ගල්ගමුව -අරෝෂණ මාන්නප්පෙරු

No comments:

Post a Comment

Post Bottom Ad