දහසක් කඳුළු මැද ජයලලිතා සමුගනී (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 6, 2016

දහසක් කඳුළු මැද ජයලලිතා සමුගනී (VIDEO)

තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මිය අභාවප‍්‍රාප්ත වූ බව ඇපලෝ රෝහල නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන ලදී.

මියයන විට ජයරාම් මහ
ත්මිය 68වන වියේ පසු වුණු අතර ඇය 6 වරක් තමිල්නාඩු මහඇමති ධුරය හෙබ වූවා ය. දකුණු ඉන්දීය දේශපාලනය තුළ ප්‍රබල භූමිකාවකට පණ පෙවූ ඇය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ මැදිහත්වීම නිසා මෙරට පුද්ගලයින් ද ඇය පිළිබඳව දැක්වූයේ තරමක උනන්දුවක් ය.

දින ගණනාවක් තිස්සේ රෝහල්ගතව සිටි ඇය දරුණු හෘදයාබාධයකින් පෙළෙන බව ඊයේ දින වාර්තා වුණේ ය. ඇයට ශල්‍යකර්ම ද සිදු කර ඇති බව පැවසෙන අතර ඒවා සාර්ථක නොවූ බව වාර්තා වේ. ජයරාම් මහත්මියගේ මරණය සැළ වීමෙන් පසු ඇගේ ආධාරකරුවන් දහස් ගණනින් අද අළුයම් කාලයේ සිටම චෙන්නායි නුවර ඇපලෝ රෝහල ඉදිරිපිට රැඳී සිටියේ කඳුළු සලමිනි.

එම පිරිස පාලනය කිරීමට පොලිස් කැරළි මර්ධන ඒකක පවා යොදවා තිබුණි. ජයලලිතා ජයරාම් මහත්මියගේ අභාවය වෙනුවෙන් දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කොට ඇති අතර එම ප්‍රාන්තයේ පාසල් දින 3ක කාලයක් වසා තැබෙනු ඇති බව වාර්තා වේ.

ඇගේ දේහය ඇපලෝ රෝහලේ සිට චෙන්නායි හි රාජාජි ශාලාවට ගෙනා අතර මේවන විට මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කර තිබේ.
මේ අතර තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහඇමති ලෙස ඕ පනීර් සෙල්වම් මහතා දිවුරුම් දී තිබේ. ඔහු එම ප්‍රාන්තයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.

දේහය රෝහලේ සිට රැගෙන ආ වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad