කටාර්හි ශ්‍රී ලංකා තානාපති යළි කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 12, 2016

කටාර්හි ශ්‍රී ලංකා තානාපති යළි කැඳවයි

කටාර්හි ශ්‍රී ලංකා තානාපති යළි කැඳවයි

කටාර්හි ශ්‍රී ලංකා තනාපති මහාචාර්ය ඩබ්. එම් කරුණාදාස මහතාගේ අනවශ්‍ය මැදිහත්වීම් හේතුවෙන් කටාර්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයින් පත්ව ඇති අපහසුතාව සම්බන්ධයෙන් ජන මාධ්‍ය නාළිකා මඟින් කරුණු රැසක් අනාවරණය කිරීමත් සමග විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ අවධානය මේ සම්බන්ධව යොමු වී ඇත.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිටත් අදාල තානාපතිවරයා ඉවත්කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

අමාත්‍යවරයා එහිදී අදහස් දක්වමින් කියාසිටියේ අදාළ තානාපතිවරයාට මීට පෙර විවිධ අවස්ථාවලදී ක්‍රියා කළ යුතු ආකාරය දැනුම්දීම් සිදුකළද ඔහු දිගින් දිගටම නිසි පරිදි ක්‍රියා නොකරන නිසා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහු යළි දිවයිනට ගෙන්වා ගන්නටත් නව තානාපතිවරයෙක් පත් කිරීමටත් සියළු කටයුතු සිදුකර ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad