වංචාකාරියක්, බේබද්දියක්, යට ඇඳුමවත් අඳින්නැති නැහැදිච්චියක් අනියම් ඇසුරක පැටළුණ එක්දරු මවක් දොස්තර නෝනා ගැන එළිවෙන තවත් කතා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 7, 2018

වංචාකාරියක්, බේබද්දියක්, යට ඇඳුමවත් අඳින්නැති නැහැදිච්චියක් අනියම් ඇසුරක පැටළුණ එක්දරු මවක් දොස්තර නෝනා ගැන එළිවෙන තවත් කතා

සුගිය 30 වැනිදා අලුයම බොරලැස්ගමුව පැපිලියාන ප්‍රදේශයේදී සිදුවූ වාහන අනතුරින් පොලිස් නිලධාරියෙකු මරණයට පත්වීමෙන් පසු අනතුර සිදු කළ  කාවිංගා ගුණවර්ධන විශේෂඥ වෛද්‍යවරිය සම්බන්ධයෙන් මේ වනවිට වංචාකාරියක, බේබද්දියක, යට ඇඳුමවත් අඳින්නැති නැහැදිච්චියක හා අනියම් ඇසුරක පැටළුණ එක්දරු මවක ආදී ලෙස
බරපතල හෙළිදරව් කිරීම් සිදුවෙමින් පවතී.

ඇයගේ මුවින් මත්පැන් ගඳ වහනය නොවන  බවට කළුබෝවිල රෝහල් වෛද්‍යවරයෙකු තැබූ සටහන හා පොලිසියේ බැලුන් පුම්බන පරීක්ෂණයේදී ඇය බීමත් බවට එළිවීම නිසා ඇය අසාධාරණ ලෙස මෙම සිද්ධියෙන් ගැළවීමට උත්සාහ කරන බවට මුල සිටම සැකයක් පැනනැගුණි.

මෙම අනතුරෙන් පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණි ගමගේ මියගොස් ඒ මහතාගේ බිරිය, ලොකු පුතා සහ වයස අවුරුදු 8ක් පමණ වූ බාල පුතා බරපතළ තුවාල ලැබූ අතර විශේෂඥ වෛද්‍යවරියගේ පාදයට සුළු සීරීමක් වී තිබේ.
වෛද්‍යවරිය සමඟ පිටුපස සිටි කාන්තාවගේ ඔළුව පැළී තිබිණි. වෛද්‍යවරිය සමඟ ඉදිරි අසුනේ පැමිණි වෛද්‍යවරියගේ අනියම් පෙම්වතා බව කියන අයට හා පසුපස පැමිණි අනෙක් තරුණයාට තුවාල නැත.
රත්නපුර මහ රෝහලේ දියවැඩියා රෝගය සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරියක වූ කාවිංගා ගුණවර්ධන විවාහකය. සැමියා ව්‍යාපාරිකයෙකුවූ අතර ඇයට අවුරුදු 10 ක පුතෙකුද සිටී.


රත්නපුර මහ රෝහලේ සේවය කරන අතර ඇය සති දෙකකට වරක් පිළියන්දල විද්‍යාල මාවතේ පිහිටි පුතා සහ සැමියා සිටින නිවෙසට පැමිණෙන බව කියැවේ. අනතුර සිදුව ඇත්තේ ඇය එලෙස පැමිණෙමින් සිටි දිනයකය.

සිද්ධිය වූ දිනයේ රත්නපුර සිට ඇය ගල්කිස්සේ සමාජ ශාලාවකට පැමිණ ඇත්තේ ඇගේ පෙම්වතෙකු බව කියන අයෙකු හමුවීමටය. එදින ඔහු හා පිරිසක් සමග ඇය මත්පැන් සංග්‍රහයක් භුක්ති විඳී. එය මහා පරිමාණ සාදයක් නොවන අතර මේසයක පිරිසක් සමග එක්ව පවත්වන හමුවීමකි. සීසීටීවී දර්ශන අනුව ඇය එහිදී මත්පැන් පමණක් නොව දුම්වැටිද භාවිත කරයි.
ගල්කිස්සේ රාත්‍රි සමාජ ශාලා වාර්තා අනුව පොලිසිය පවසන්නේ ඔවුන් ලබාගෙන තිබුනේ ඕල්ඩ් අරක්කු බෝතලයක්, වයිට් රම් ෂොට් 10ක් සහ බියර් දෙකකි.
මත්පැන් නිසා පදම් වී සිටි වෛද්‍යවරිය රාත්‍රී 12 ට පමණ හමුවීම අවසන් කර අනෙක් තිදෙනාද තම වෙසල් වර්ගයේ වාහනයේ නංවාගෙන පැයට කිලෝමීටර් 150ක වේගයෙන් පමණ පැමිණි බවට සාක්ෂි තිබේ.

ඇය ගමන් කර ඇත්තේ කොහුවල හන්දියේ ආලෝක සංඥා පවා නොතකමින් බව අනාවරණය වී තීබේ. ඇය අධික වේගයෙන් සිය රථය ධාවනය කර ඇත්තේ වාහන නීති කිසිවකට ගරු නොකරමිනි. එම අවස්ථාවේදී කොහුවල සිට පිළියන්දල දෙසට යමින් සිටි ත්‍රිරෝද රථයකටද වෙට්ටු දමා වේගයෙන් මෙම වාහනය ගිය බවට ත්‍රිරෝද රථයේ රියැදුරු සාක්ෂි සපයා ඇත. කොහුවල පිළියන්දල (120 බස්) මාර්ගයේ
එලෙස ගිය රථය පැපිලියාන වික්‍රමරත්න මාවත අසලදී පොලිස් නිලධාරී අජන්ත ගාමිණී මහතා පැමිණි මෝටර් රථයේ මුහුණට මුහුණ ගැටුණි.
එම අනතුරින් වෛද්‍යවරියගේ පාදයට පමණක් පොඩි සීරීමක් විය. නමුත් ඇයට මත්පැන් නිසා හරි සිහිකල්පණාවක්ද තිබී නැත. අනතුර සිදුවී සුළු වේලාවකින් ගිලන් රථ එතැනට පැමිණෙන විටත් වෛද්‍යවරිය බිම වාඩි වී හිස කකුල් දෙක උඩ තබාගෙන සිටි බව ගිලන් රථ රියදුරු සාක්ෂි සපයා තිබේ.

වෛද්‍යවරිය ඇඳ සිටියේ තැඹිලි පාට කොට ගවුමකි. ඇය ටික වේලාවකින් අනතුර සිදු වූ ස්ථානයේ බිම දිගා වී ඇත. හැරෙන විට ගවුම උඩ ගොස් තිබිණි. එහිදී ගිලන්රථ සේවකයන් දැක තිබුණේ වෛද්‍යවරිය යට ඇඳුමක් පවා ඇඳ නොසිටි බවය. වෛද්‍යවරිය සමඟ ඉදිරි අසුනේ පැමිණි පිරිමියාට වයස අවුරුදු 35ක් පමණ වන්නට ඇත. ඔහුට තුවාල නැත. නිල්පාට ඩෙනිම් ෂර්ට් එකක් ඇඳ සිටි අතර ඔහු වෛද්‍යවරියගේ පෙම්වතා බව පොලිසිය සැක කරයි.
වෛද්‍යවරිය සමඟ සිටි කාන්තාව කොට ඩෙනිම් ෂෝට් එකක් ඇඳ සිටි බවත් ඇයගේ ඇඟ පුරාම පච්ච කොටා තිබූ බවත් වාර්තාවේ. අනතුරෙන් ඇයගේ ඔළුව පැළී තිබිණි. ඇය සමඟ සිටි අනෙක් පිරිමියාද ඇඟ පුරාම පච්ච කොටා තිබූ අතර ඔහුට තුවාල නැත. පච්ච කෙටූවන් දෙදෙනා සමාජ ශාලාවේ සංගීත කණ්ඩායමක සාමාජිකයින් බවට වාර්තා පළවිය.

බොරලැස්ගමුව රථවාහන පොලිසියට ලබාදී ඇති කටඋත්තරය අනුව වෛද්‍යවරිය පවසා ඇත්තේ තමාට නින්දයෑම මත අනතුර සිදුවූ බවකි.  ඇය මත්පැන් පානය කර නැති බව ප්‍රකාශ කර තිබේ. නමුත් ඇල්කෝලයිසරය යොදා පරීක්ෂා කිරීමේදී එය කොළපාට වූ බව පොලිසිය කියයි.
වෛද්‍යවරිය පොලිසියට ලබාදුන් තවත් කටඋත්තරයක සඳහන් වන්නේ ඇල්කෝලයිසරය තද කොළපාට නොවූ බවත් එය පිම්බූ පසු ළා කොළ පාට වූ බවත්ය. ඒ අනුව වෛද්‍යවරිය තමා මත්පැන් පානයව කළ බවට පොලිසියේ සාක්ෂි වැරදි බවට තර්ක කර ඇත.


පොලිසිය පවසන්නේ වෛද්‍යවරියට ලබාදුන් ඇල්කෝලයිසරය භාවිත කළ පසු කොළ පාටට හැරීමෙ ටික වේලාවකින් සුදුවූ බවකි.සාමාන්‍යයෙන් ඇල්කෝලයිසරයක් පිම්බූ සැණින් තද කොළ පාටට හැරෙන්නේ නැති බවත් එය ටිකෙන් ටික තද කොළ පාටට හැරෙන බවත් දන්වා ඇත.

වෛද්‍යවරිය රෝහලට ඇතුළු කළ පසු එහි සේවයේ සිටි වෛද්‍යවරයා ඇයගෙන් මත්පැන් ගඳක් වහනය නොවන බව ප්‍රකාශ කිරීමත් සමඟ එම වෛද්‍යවරයා අනතුර සිදුකළ වෛද්‍යවරියගේ පැත්තගෙන කටයුතු කළ බව ප්‍රකට විය.
විශේෂඥ වෛද්‍ය කාවිංගා රත්නපුර සේවය කළත් ඇයට කළුබෝවිල රෝහල් කාර්ය මණ්ඩලය සමග විශේෂ සම්බන්ධයක් තිබූ බවද හෙළිදරව් විය.ඇගේ මවද වෛද්‍යවරියක වූ අතර ඇය කාලයක් කළුබෝවිල රෝහලේ සේවය කර සිට ඇත. කාවිංගා වෛද්‍යවරියද වෛද්‍ය පත්වීම ලබා කළුබෝවිල රෝහලේ දියවැඩියා ඒකකයේ සේවය කර තිබෙන අතර පසුව විදේශගතව එංගලන්තයේ ඔක්ස්ෆෝඩ් සරසවියේ වැඩිදුර හදාරා විශේෂඥ වෛද්‍යවරියක ලෙස රත්නපුර මහ රෝහලේ සේවයට ගොස් තිබේ.
ඇගේ සුදුසුකම් ලෙස MBBS,MD,MRCP සටහන් කර ඇත.ඇය රත්නපුර සේවය කරන්නේ Consultant Endocrinologist ලෙසිනි.
දියවැඩියාව හා සිරුරේ හෝමෝන ක්‍රියාකාරීත්වය සම්බන්ධ ගැටලු වලට විශේෂඥ වෛද්‍යවරියකවූ ඇය රත්නපුර සිංහ, නුගේගොඩ සීමෙඩ්, වත්තල හේමාස්, බණ්ඩාරගම පිළියන්දල  සහ හොරණ මෙඩි හෙල්ප්, මීගමුව එක්ස් ලැබ් යන පුද්ගලික රෝහල් 7 කද චැනල් ප්‍රතිකාර සේවා කරමින් සිටින්නියකි.

අනතුරට පසු දිනයේ විශේෂඥ වෛද්‍ය කාවිංගාට රත්නපුර සිංහ වෛද්‍ය මධ්‍යස්ථානයේ චැනලින් කිරීම සඳහා වේලාවක්ද වෙන්ව තිබූ අතර ඒ සඳහා රෝගීන් 45 දෙනෙකු පැමිණෙන්නට නියමිතව තිබුණි. ඇයගේ රෝගීන් පවසන්නේ කාවිංගා කරුණාවන්ත දොස්තර නෝනා කෙනෙකු බවයි.

ඇගේ මුවින් මත්පැන් ගඳ වහනය නොවූ බවට සාක්ෂි ලැබෙන්නේ මෙම සම්බන්ධය හා ක්ෂෙත්‍රයේ අයෙකු බේරීමට ඇති උවමනාව නිසා බවට සැකයක් පැනනගී.
ඇය බීමත්ව රිය පැදවූ බවට පොලිසිය කරන චෝදනාවට ඇගේ අවසන් සමාජ ශාලා හැසිරීමට අදාළ සීසීටීවී දර්ශනද සාක්ෂි සැපයූ අතර පොලිසිය ඒවා යුහුසුළුව ලබාගන්නට කටයුතු කරන ලදි.

කෙසේ වෙතත් පසුව වාර්තාවූයේ එම  සාක්ෂි විනාශ කරන ලෙස ඇයගේ ඥාතීන් අදාළ ස්ථානයට දැනුම් දීමක් ගැන වාර්තාවූ බවයි.මෙම අනතුර නිසා අධිකරණය වෙත ඉදිරිපත් කළ වෛද්‍යවරිය ලබන 9 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියම කර තිබේ.

නමුත් පාදයේ සුළු සීරිමක් පමණක් ඇති වෛද්‍යවරිය කළුබෝවිල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ දින ගණනාවක් රෝහලේ සිටිය යුතු  අමාරුවක් යයි හිතවත් වෛද්‍යවරුන් සපයා ඇති නිර්දේශය මතය.
ඒ අනුව කළුබෝවිල රෝහලේ 11 වැනි වාට්ටුවේ 30 වැනි ඇඳේ ඇය ප්‍රතිකාර ලබන අතර වෛද්‍යවරිය බැලීමට හෝ හමුවීමට පිටස්තර කිසිවෙකුට අවස්ථාව සලසා නැත.
දහවල් 12ට 5ට රෝගීන් බැලීමට පිට අය පැමිණෙන අවස්ථාවේ  වෛද්‍යවරිය සැඟවීමට තිර දමා ඇයව ආවරණය කිරීමට වෛද්‍යවරුන් සහ හෙදියන් කටයුතු කරන බවත් මෙය දිනපතාම සිදුවන්නක් බවත් රෝහලේ ආරංචි වාර්තා කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad