මේජර් ජනරාල් පාලිතට රට යන්න අවසර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 11, 2016

මේජර් ජනරාල් පාලිතට රට යන්න අවසර

මේජර් ජනරාල් පාලිතට රට යන්න අවසර

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යමින් රජයට පාඩු කිරීම සහ රුපියල් ලක්ෂ 355ක අල්ලස් පිරිනැමීම හා ලබාගත්තැයි කියමින් අල්ලස් කොමිසම පවරා ඇති නඩුවකට අදාළව ඇප මත සිටින මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුට විදේශගත වීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) අවසර දුන්නේය.

ඒ අනුව ලබන ඔක්තෝබර් 24 සිට නොවැම්බර් 4 දක්වා කාලයේ දෝහා කටාර්වල පැවැත්වෙන මළල ක්‍රීඩා සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහා ඔහුට එම අවසරය හිමිවිය.

මීට අමතර ලක්ෂ පනහක ශරිර ඇප දෙකක් මත විදේශගත වීමට අවසර දුන්නේය. එක් ඇපකරුවෙක් තම බිරිඳ විය යුතු බව එහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad