බෑන් කී මූන්ට පෙත්සම් භාරදෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 1, 2016

බෑන් කී මූන්ට පෙත්සම් භාරදෙයි

බෑන් කී මූන්ට පෙත්සම් භාරදෙයි

ජාතික සංවිධාන එකමුතුවේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමි සහ රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි යන හිමිවරු අද (31) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේම් බෑන් කී මූන් මහතාට පෙත්සමක් බාර දී තිබේ.

ඒ, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවන ලෙසට ජාත්‍යන්තරයට බල කරමිනි.

අද උදෑසන කොළඹ පිහිටි ජගත් මහලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ද පැවැත්වුණු අතර ඒ රාවණා බලය ඇතුළු සංවිධාන කිහිපයක සහභාගීත්වයෙනි.

මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මහතා, සිසිර ජයකොඩි මහතා සහ වීරකුමාර දිසානායක මහතා මන්ත්‍රීවරු ද ඒ හා සමාන පෙත්සමක් ජගත් මහ ලේකම්වරයාට බාර දී තිබේ.

එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා පක්ෂ නායකයින් එක්ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම සංදේශය බාරදීමට කටයුතු කළ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad