'ජනපති නිසි වේලාවට රහස් හෙළි කරාවි' - ඉසුර දේවප්‍රිය (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 23, 2016

'ජනපති නිසි වේලාවට රහස් හෙළි කරාවි' - ඉසුර දේවප්‍රිය (VIDEO)

'ජනපති නිසි වේලාවට රහස් හෙළි කරාවි' - ඉසුර දේවප්‍රිය (VIDEO)

ජනාධිපතිවරයා හෙළිකරන බවට ප්‍රකාශ කළ රහස් නිසි අවස්ථාවේදී හෙළිකරනු ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා කියාසිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 07දෙනෙකු අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් ඔවුන් ඉදිරියේදී ජාතික ආණ්ඩුව සමඟ එක්වනු ඇති බවත්ය.

ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ," ජනාධිපතිතුමා ළඟ රහස් තියෙනවා කිව්වම අපිට කියන්න බැහැ මැරයෝ ආරක්ෂා කරනවා කියලා. හිටපු ජනාධිපතිතුමා නම් කිව්වේ හොරකම් කරපුවාගේ ෆයිල් තියෙනවා කියලා. ඒක ප්‍රසිද්ධියෙම කිව්වනේ. වර්තමාන ජනාධිපතිතුමා ඒවගේ ප්‍රකාශයක් වගකීමක් නැතිව හුදෙක් දේශපාලන පදනමකින් ප්‍රකාශ කරන කෙනෙක් නෙවෙයි. එතුමා යමක් කිව්වනම් ඒක නිසි වේලාව ආවම කියයි" ලෙසයි.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad