වන්දනා බසයක් පෙරලී අයෙක් මරුට - 18ක් රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 23, 2016

වන්දනා බසයක් පෙරලී අයෙක් මරුට - 18ක් රෝහලේ

වන්දනා බසයක් පෙරලී අයෙක් මරුට - 18ක් රෝහලේ

යාපනය - මන්නාරම මාර්ගයේ නාච්චිකුඩා ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 18 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මඩු වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් බස් රථයකි.

වන්දනාකරුවන් රැගත් මෙම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරෙන් තුවාල ලැබු කාන්තාවන් 07 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකු යාපනය රෝහලට ඇතුළත් කිරීමේ දී ඉන් කාන්තාවක මියගොස් තිබේ.
 
මියගොස් ඇත්තේ වඩලිඅරිප්පු, ඉලවාල් ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි කාන්තාවකි.

අනතුර සම්බන්ධයෙන් නාච්චිකුඩා පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

No comments:

Post a Comment

Post Bottom Ad