පේරාදෙණිය සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 23, 2016

පේරාදෙණිය සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

පේරාදෙණිය සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

ඊයේ (22) රාති‍්‍රයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ.

ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු ප‍්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බව ද වාර්තා වේ.

ඊයේ රාති‍්‍රයේ 8.15ට පමණ සම සෞඛ්‍ය පීඨයේ දෙවන වසරේ සිසුන් පිරිසක් පළමු වසරේ සිසුන් පිරිසකට පහරදී ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.

පසුගිය 21වනදා එම විශ්වවිද්‍යාලයේ පැවති රැස්වීමකට සහභාගි නොවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුරට විමර්ශන සිදු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad