අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාල පනතට කතානායක අත්සන් තබයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 23, 2016

අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාල පනතට කතානායක අත්සන් තබයි

අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාල පනතට කතානායක අත්සන් තබයි

අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය පිළිබඳ පනත් කෙටුම්පතට සහ මූල්‍ය කළමණාකරණ වගකීම් සංශෝධන පනත් කෙටුම්පතට අද (23) පෙරවරුවේ කතානායක කරු ජයසුරිය මහතා අත්සන් තබා තිබේ.

අතුරුදන්වුවන් පිළිබඳ කරුණු සෙවීමේ කාර්යාලය පිහිටුවීමේ පනතට අද දිනයේදී කතානායකවරයා අත්සන් තැබීමට නියමිත බවත් පනතට අදාළව සංශෝධන එකතු කිරීම මේ වනවිට අවසන් කර ඇති බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා ඊයේ (22) පැවසීය.

මෙම පනත පසුගිය 11 වැනිදා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.

No comments:

Post a Comment

Post Bottom Ad