ශ්‍රීලනිපය ගැන රත්නසිරිගෙන් ප්‍රකාශයක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 24, 2016

ශ්‍රීලනිපය ගැන රත්නසිරිගෙන් ප්‍රකාශයක් (VIDEO)

ශ්‍රීලනිපය ගැන රත්නසිරිගෙන් ප්‍රකාශයක් (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකත්වය අලුතින් සිතාබලා කටයුතු කළ යුතුව ඇති බවත් පක්ෂයේ තනතුරුවලින් පාක්ෂිකයින් ඉවත් කිරීමේදී තනි මතයක් ජයග්‍රහණය කිරීමට යනවාට වඩා පාක්ෂිකයාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවත් හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ ඊයේ (24) ඔහුට සෙත් පැතීම සඳහා ඔහුගේ පුත් විදුර වික්‍රමනායක මහතා විසින් සංවිධානය කළ ආගමික වැඩසටහනකින් අනතුරුවය.

එහිදී අදහස් දැක්වූ වික්‍රමනායක මහතා,"අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පුරුදු වෙන්න වෙනවා අලුතින් කල්පනා කරන්න. පක්ෂයක් වුනාම පක්ෂ විනයත් අවශ්‍යයි. පුද්ගලයත් අවශ්‍යයයි. දිගට හරහට අයින් කරගෙන ගියොත් එහෙම කෙළවරක් නැතිවෙනවා. අස් කරන්න ඉස්සරවෙලා හුඟක් කල්පනා කරන්න ඕන. ඒක අත්‍යවශයයි. එක මතයක ඉඳලා ඒ මතය ජයග්‍රහණය කරන්න යනවාට වැඩියෙන් අපිට යුතුකමක් තියෙනවා අපේ පිටිපස්සේ ඉන්න පාක්ෂිකයාව ආරක්ෂා කරන්න. අපි ගැන බලාගෙන ඉන්න පාක්ෂිකයා ආරක්ෂා කරන්න ඕන. ඒක අපේ යුතුකමක්. අපි ඒක කළොත් පක්ෂයට අනාගතයක් තියෙනවා " යි කියාසිටියේය.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad